
(යොහාන් භාසුර)
දකුණු ආසියාවේ විශාලතම මුළුතැන්ගෙය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාලනය කරන කොළඹ වරාය කුස්සියේ අඹ මාළුවේ විශාල කැරපොත්තෙක් සිටි බව එම වරායේ සේවකයෝ චෝදනා කරති.
නැගෙනහිර බහලුම් පර්යන්තයේ සේවය කරන සේවකයකු පසුගිය 12 වැනිදා රාත්‍රී කුස්සියෙන් ලබාගත් ආහාර පාර්සලයේ මෙම මියගිය කැරපොත්තා සිටි බව ද සේවකයෝ කීහ.
කොළඹ වරාය කුස්සියේ කෑමවල සහ එහි පරිපාලනයේ වර්තමානය වන විට ප්‍රමිතිය පිළිබඳව දැඩි ගැටලුවක් පවතින බවත් කෑමවල තිබී පිහියකින් කැඩී ගිය කොටසක් ද මීට දින කීපයකට පෙර සේවකයෙක්ට හමුවී ඇති බවත් සේවකයෝ සඳහන් කරති.
වෛද්‍යවරු ද ඇතුළත්ව සිටි කමිටුවක් එම කුස්සියේ ආහාර පිසීම සුරක්‍ෂිත කිරීම සහ ආහාර වට්ටෝරු සැකසීම කළ ද මෑතක සිට ඇතැම් වෘත්තීය සමිතිවල බලපෑම හේතුවෙන් නිලධාරීන් සහ සේවකයන් පීඩාවට පත්ව ඇති බවත් බලපෑම් සමඟ සේවක අප්‍රසාදය මත ආහාර සුරක්‍ෂිතතාව පහළ වැටී ඇති බවත් සේවකයෝ පැවසූහ.
වරාය අධිකාරියට මෑතකදී පත්වීම් ලැබූ බොහෝ දෙනෙක්ට එහි පරිපාලනය පිළිබඳව නිසි අවබෝදයක් නොමැති බව කියන සේවකයෝ වර්තමාන පරිපාලනයේ උසස් නිලධාරීයෙක් වරාය කුස්සියෙන් අමතර කෑම ලබාගෙන එයට මුදල් ගෙවීමට ගොස් ඇති බව ද පැවසූහ.
‘වරායේ කෑම විකිණීම තහනම්’ යැයි එම අවස්ථාවේදී ප්‍රධාන නිලධාරියට කුස්සියේ සේවකයන් පවසා ඇතැයි ද වරාය සේවකයෝ වැඩි දුරටත් සඳහන් කරති.
මෙම සිද්ධිය පිළිබඳව වරාය මුළුතැන්ගෙයි අධ්‍යක්‍ෂ මොහොමඩ් රම්සීන් මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ තමන් නිවාඩු ලබා ගමට පැමිණ සිටින බැවින් ඒ පිළිබඳව නොදන්නා බවත් වරාය මුළුතැන්ගෙයි කළමනාකරුගෙන් විමසිය යුතු බවත්ය.
ඒ පිළිබඳව විමසීමට වරාය මුළුතැන්ගෙයි ප්‍රධාන කළමණාකරු ඇලපාත මහතාගේ දුරකථනයට ඇමතුව ද ඒ මහතා ප්‍රතිචාර නොදැවීය.
මෙම සිද්ධිය පිළිබඳව වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් එස්. එස්. රණසිංහ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ කෑම තුළ කැරපොත්තෙක් සිටියේ යැයි පැමිණිල්ලක් මේ දක්වා ලැබී නොමැති බවත් වරාය කුස්සිය පෞද්ගලීකරණය කිරීම නවතා තමන් එය බේරාගත් බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් පේන්නේ අළුත් කට්ටිය හැමතැනම වැඩ අනා ගන්නවා වගේ...!
වරායේ කුස්සියේ කෑමවල ප්‍රමිතිය සහ ආහාර වල සෞඛ්‍යාරක්ෂිත බව වරාය සේවකයින්ට පමණක් නොව, මුළු රටටම බලපාන කරුණක් වන්නේ රටේ ආර්ථිකයට එහි ඇති බලපෑම සහ වැදගත්කම නිසායි. එහෙත් එහි වගකීම බාර ගැනීමට, අධ්‍යක්‍ෂකට හෝ කලමනාකරුට නොහැකි නම් ඔවුන් එම තනතුරු වලට සුදුසු වන්නේ නැත. වරායේ සභාපති ගේ යන්නේ කොහේද? මල්ලේ පොල් පිළිතුරද අදට වඩා ගැලපෙන්නේ හෙටයි. ඔහු වරාය කුස්සිය පුද්ගලික කරණයෙන් බේරාගෙන ඇති බැවින් ඔහු විසින් මෙහි බිඳ වැටීම පිළිබඳ සම්පූර්ණ වගකීම බාරගත යුතුයි. එය එසේ නොවන්නේ නම්, ඔහු ඒ කුමක් නිසාද යන්න ජනතාවට පැහදිලි කළ යුතුයි. නැතිනම් රජය විසින් ඒ වගකීම බාරගෙන ඔහුව වහාම ඉවත් කළ යුතුයි. මිනිස් ජීවිතවල වටිනාකම නොදන්නා තැනක වැඩ කරනවාට වඩා වෙනත් තැනක වැඩ කිරීම වඩා සුදුසු බව සේවකයින් සිතන තැනට තල්ලු නොකර සිටීමට වග බලාගැනීම පාලකයින්ගේ වගකීම වන්නේය.
හැමදාම චිකන් ෆිශ්, බිත්තර දෙන්නේ. ඉඳලා හිටලා කැරපොත්තෙක්, හූනෙක්, ගෙම්බෙක් දාන්නේ වෙනසකට. ඒක තෙරෙන්නේ නැත්ද?
මේ වරායේ මිනිස්සුන්ට කෑම නොමිලේ දෙනවද ?? මම දැනගන්න කැමතියි. එය නොමිලේ නම්, මෙම වරාය සේවකයින්ට වෙනත් අයට මෙන් නිවසින් දිවා ආහාරය ගෙන ඒමට නොහැක්කේ ඇයි?
"රජයට අයත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) 2021 දී එහි සේවකයන්ට නොමිලේ ආහාර සැපයීමෙන් රුපියල් බිලියන 1.11ක වියදමක් දැරීමට සිදු විය. වරාය සේවකයන් මෙතරම් විශේෂ වන්නේ ඇයි? ඔවුන්ට නොමිලේ දිවා ආහාරය ලැබෙන්නේ ඇයි? තැපැල් සේවකයින් ගැන කුමක් කිව හැකිද? දුම්රිය කාර්ය මණ්ඩලය? නැත්නම් රෝහල් කාර්ය මණ්ඩලය? මෙය නැවැත්විය යුතුයි. මොන නාස්තියක්ද. ඔවුන් සැළකිලිමත් වන බව පෙනෙන්නේ ඔවුන්ගේ බඩ සහ ආහාර පමණි.
කෑම වල කැරපොත්තා ඉන්න එක ප්‍රශ්නයක් නොවුණත් වරාය කුස්සිය පෞද්ගලීකරණය කිරීමෙන් බේරාගත්තා කියන එක වැදගත් බවයි පෙනෙන්නේ . මෙහෙම අයද අලුතින් පත් කරලා තියෙන්නේ ?
වරායේ කුස්සියේ උයන ආහාර වල අඩුපාඩුවක් හෝ යම් අකටයුත්තක් සිදු වෙලා තියෙනවා නම් ඒකට වග කියන්න ඕනා මුලුතැන්ගෙය භාර නිලධාරීන් මිස සභාපතිවරයා නොවෙයි කියලා නොදන්නා සිලින්ඩර් පොහොට්ටු ටෙලිෆෝන් බයියන්ට අපගේ බලවත් ශෝකය පලකරන අතර සමහරවිට මේවා රජය අපහසුතාවයට පත් කරන්න හිතාගෙන කරන බයි කුමන්ත්‍රණ වීමටද ඉඩ තිබෙනවා.
කරුමය කැරපොත්තා ලෙසද පැමිණිය හැකිය.