
(අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහාළු පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළඹ වරාය පුළුල් කිරීමේ අදියර II හි බටහිර බහාළු පර්යන්තය II සඳහා බටහිර දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස 2023-06-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඊට අදාළ උපදේශක සේවාව සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් කැමැත්ත පළ කර ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුවේ නිර්ණායකයන්ට අනුකූලව අභිලාෂය ප්‍රකාශ කිරීම කැඳවා තිබේ. අයැදුම්කරුවන් 20 දෙනෙකු ඒ සඳහා සිය අභිලාශ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇති අතර 7 දෙනෙකු පූර්ව සුදුසුකම් සපුරා ඇත.
ඒ අතුරින් ආයතන 5 ක් සවිස්තරාත්මක යෝජනා ඉදිරිපත් කර තිබේ. තාක්ෂණික පිරිවිතර සපුරන ලද ආයතන 3 ක මූල්‍ය යෝජනා ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව අදාළ උපදේශක සේවා කොන්ත්‍රාත්තුව M/s. Dohwa Engineering Co. Ltd. වෙත පිරිනැමීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd