(ඩයනා උදයංගනී)
කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහා නව වීසා කාණ්ඩ කිහිපයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත මෙම වීසා වර්ග හඳුන්වාදීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයින් සඳහා “ආයෝජක” වීසා කාණ්ඩය, සේවා නියුක්තිකයින් වෙනුවෙන් “සේවා නියුක්ත” වීසා කාණ්ඩය සහ කොළඹ වරාය නගරය තුළ බදු පදනම මත වාසය කරනු ලබන විදේශකයින් සඳහා “සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු” වීසා කාණ්ඩය යන වීසා කාණ්ඩ හඳුන්වාදීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
880
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වරාය නගරයට නව වීසා කාණ්ඩ
ලුම්බිණි Tuesday, 20 December 2022 12:55 PM
එහෙනම් කලින් කිව්ව කතාව හරි. වරාය නගරය කිව්වට මේක වෙනම රටක්.