
(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පළමු විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ඉදිරිපත්ව ඇත.
ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක් පමණ වේ.
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ ඩොලර් කෝටි 44 ක්ද දෙවැනි අදියර යටතේ ඩොලර් කෝටි 56 ක් ද ආයෝජනය කෙරේ.
පළමු අදියර යටතේ වරාය නගරය තුළ ජාත්‍යන්තර මට්ටමේ ඒ ශ්‍රේණියේ කාර්යල කුලුනු තුනක්, සුඛෝපභෝගී නිවාස සහිත කුලුනු දෙකක් සහ වෙළෙඳ සංකීර්ණයක් ඉදිකෙරෙනු ඇත.
දෙවැනි අදියර යටතේ ජාත්‍යන්තර මට්ටමේ කාර්යාල කුලුනු දෙකක් හා වෙළෙඳ සංකීර්ණයක් ද ඉදිකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවන අදියරට එනකොට ලංකාව චීනයේ කොළණියක් වෙලා තියේවි. චීන යුරෝපයේ කර්මාන්තවලට දකුණු ඇමෙරිකාවෙ ගොවිබිම් ආක්‍රමණය කරලා තිඛෙන විදිහ දැක්කාම අපේ රටට වෙනදේ හිතාගන්න පුළුවන්.
ඇනේ ඉඳන් චීනෙන් ගෙනෙයි, ලංකාවේ සේල්ස් රෙප් කෙනෙකුටවත් රස්සාවක් ලැබෙන්නේ නැතිවෙයි. හැබැයි චීනේ මිතුරෙක් ලු
චීනය කියන්නෙ කිසිම ප්‍රතිපත්තියක් නැති, ෂේක්ස්පියර්ගේ වැනීසියේ වෙලෙන්දා කතාවේ එන ෂයිලොක් වගේ ව්‍යාපාරිකයෙක්. චීනය සමග ගණුදෙනු කරන කිසිම රටක් එම ගනුදෙනුව අහවර කරන්නෙ කුමක් හෝ මතබේදයක් හදා ගෙන. ඉතාමත්ම ආක්‍රමණකාරී විදිහටයි චීනයේ වෙළඳ ප්‍රතිපත්ති හැදිල තියෙන්නෙ. ඉතාමත්ම අවාසනාවන්ත කාරණය නම් මේ දේශපාළුවන් තම තමන්ගේ වාසි හො බලය රැක ගැනීමට රට ටිකින් ටික විකුණන හැටි සාමන්‍ය ජනතාවවත් හෙට උපදින දරු පැටවුන්වත් දන්නෙ නැහැ. ඒ බව පාළකයින් එලි කරන්නේ නැහැ. නමුත් ඒ ණය ගෙවන්න වෙන්නේ ඒ දුප්පත් රට වැසියන්ටයි හෙට උපදින කිරිකැටියන්ටයි. බොහෝවිට සිදුවන්නෙ මේ හැමටම වග කියන්න ඕනි දේශපාළුවන් කෝටි ගණන්, ප්‍රකෝටි ගණන් පගා ගහල, කොමිස් ගහල, හොරකම් කරල අවසානයේ කොහේ හරි විදේශ රටකට යනවා පවුල් පිටින්. අන්තිමට ඒ හැම සතයක්ම වැටෙන්නෙ අපේ කර පිටට...
මේ මුදල ණයක්ද? නැත්නම් මේවායේ අයිතිය චීනෙටද? කොහොම කලත් රට චීනෙට දීලා ඉවරයි. මේවාට වෙන ආයෝජකයොත් ගන්නේ නැත්තේ මොකද?
කොමිස් මුදල හිතාගන්න බැහැ
69 ලක්සයක ආශීර්වාද මධ්‍යයේ කරන මෙ වැඩවලට නෙගටිව් කමෙන්ට් දාන්න එපා...
චිනගේ කලටිකම් තම්බියට වඩා ප්‍රබලයි. අද්දැකීමෙන් කියන්නේ වෙලදාමෙදී ඔවුන් චීන්නු භාණ්ඩයක මිල අදේ දහවල් හවස වශයෙන් කාණ්ඩ වලට බෙදා ගනු දෙනු කරනු ලබයි. කූට ලෙස භාණ්ඩයක මිල පුද්ගලයාගේ ස්වරෑපය අනුව වෙනස් කරනු ලබයි, පුදුමයක් වනුයේ චීන්නු ලංකාව ස්වයංපෝෂිත කරන්න එනවා කියන එක... අන්තිමට චීන්නු අපි සියල්ලෝම රවටා දමනු ඇත. සුද්දා යමක් රටේ සංවර්ධනය කලද චීනා හදන දේ අවසානයේ කුණු කූඩයට යෑමක් මිස කල් පැවැත්මක් නැත.
රජය පත්වෙන කොට කිව්වෙ ඔක්කොම අපේ රටෙ කර්මාන්තකරුවන්ට තමයි ටෙන්ඩර් දෙන්නේ කිව්වා. දැන් තේරෙනවද ඡන්දෙට කළින් කියපු සහ ඡන්දෙට පස්සෙ කරපුවා. ඔය හැම ගොයියම එකයි. කාලෙන් කාලෙට එක එක දුටුගැමුණුලා බිහිවෙනවා. හැබැයි කරපු දෙයක් නම් නැහැ. මාධ්‍ය වලින් පුම්බපු හුළං බෝල වැඩ කරන්න ගියාම නිකන්ම පුස් බෝල බවට පත්වෙනවා.
ඇමෙරිකාව , චීනය සහ ඉන්දියාව දන්නවා ලෝකයේ ලොකුම ගවපට්ටිය ලංකාව කියලා...
ලංකාවෙ මිනිස්සුන්ට සත පහකට වැඩක් නැති ව්‍යාපෘතියක්. ඔය 69 ලක්ෂෙ ඡන්දෙ දුන්නෙ ලංකාවෙ ධනපති පංතිය ගැන තියෙන කුහක ඊර්ෂ්‍යාව හින්ද.
වරායේ තෙල් ටැංකි චීනෙට ඉන්දියාවට දෙනකොට සද්ද නැතුව හිටපු අය දැන් ඇහැරිලා.
අර සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවත්තන්න ජනපතිට උපදෙස් දීපු ,ලංකවේ ඉංජිනේරුවන් ගැන හරි දුකෙන් කතාකරපු මහාචාර්ය තුමා දැන් ලංකවේ නැත්ද ?
ඊළග මහ මැතිවරණයට ආණ්ඩුව කියයි " මෙ රට බෙදාගැනීම අවසාන අවස්ථාව, චීනෙන් හා ඇමරිකාවෙන් රට බෙදාගැනීමට අපිට නැවත ඡන්දෙ දෙන්න" කියලා පපුවටත් ගහගනියි.
මෙ වගේ තකතීරු, පටු අදහස් තියෙන මෝඩ රැලක් ඉන්නකම් රට ගොඩ නගනවා බොරු...
හම්බන්තොට වරාය චීනාට විකුණාගෙන කනකොට අත්පුඩි ගහපු හරක් තමයි මෙ දැන් තප්පුලන්නේ.
තව නොබෝ දිනකින් චීනෙක් කොළඹින් ඡන්දෙට ආවේ නැත්නම් තමා ලෝක පුදුමේ.
නම සුනිල් මිලානෝ ද ? සුනිල් ඉන්නේ මිලානෝ බව අපිට කියන්න ඔනෙද ? හරි දැන් අපි දන්නවා,
අපි රජයට බලය දීලයි තියෙන්නේ... ඉතින් ඒ අයට බනින්න එපා...