
(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මුල්‍යමය දායකත්වය ඇතිව, ශ්‍රී ලංකා වෙලඳ නාවිකයන්ගේ ජාතික සංගමය මගින් මහපොල වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ ආරම්භකරන ලද ගැන්ටිර දොඹකර පාඨමාලාව නිමකල පළමු තරුණියන් 10 දෙනා හට සහතිකපත් ප්‍රදානය කිරීම වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (3) සිදුකෙරිණි.
න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව සහිත මෙම පාඨමාලාවේ කාලසීමාව මාස 04 හතරකි.
මේ වනවිට මහපොල වරාය සමුද්‍රීය විද්‍යායතනයේ පුහුණුව ලද අංගන දොඹකර ක්‍රියාකාරිනියන් අටදෙනකු වරාය පර්යන්තවල ඉතා ක්‍රියාශීලීව සේවය කරන බව වරාය අධිකාරිය පවසයි.
එමෙන්ම මෙවැනි පුහුණුවීම් ලබාදී ගැන්ටි්‍ර දොඹකර මෙහෙයුම් සඳහා ඉදිරියේදී කාන්තාවන් යෙදවීමට බලාපොරොත්තු වන බව ද වරාය අධිකාරිය සඳහන් කරයි.
අලුතින් පාඨමාලාව හැදෑරූ ගැන්ටි්‍ර දොඹකර ක්‍රියාකරවන්නියන් සඳහා පෞද්ගලික අංශයේ සහ විදේශීය රටවල බහාලු පර්යන්ත වල රැකියා අවස්ථාවන් සඳහා වැඩි ඉල්ලුමක් ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුවලට සුබපැතුම්
දුම්රිය රියදුරන් ලෙසත් කෙල්ලන්ට පුහුණුව දෙන්න. වැඩේ නියමෙට යයි.
පවු තරුණ තරුණියන්, දේශපාලනය තුල සැප විදීමට ඇති අවස්ථාව නාකි පවුල් දේශපාලකයින් විසින් අහිමි කරලා, දොබකරවලට දාලා, එයාලාගෙ පොටෝත් දාලා, බේබිලාට බැරිද දොබකර ක්‍රියා කරවන්න.