(යොහාන් භාසුර)
චීනයෙන් ආනයනය කර නිදහස් කර නොගත් කන්ටේනර් හතරක ගබඩාකර තිබූ අල (අර්තාපල්) කිලෝ ලක්‍ෂයක (මෙට්‍රාක්ටොන් 100 ක්) පමණ තොගයක් අඩු ලංසුවකට අළෙවි කර රජයට රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් කර ඇති බව වරාය අධිකාරී ආරංචි මාර්ග සඳහන් කරයි.
වරාය මෙම අල තොගය පසුගිය 1 වැනිදා අළෙවි කර ඇති බවත් මෙම ටෙන්ඩරයේදී අතරමැදි ගැණුම්කරුවෙක් කිලෝවක් රුපියල් 120 ක් වැනි අඩු ලංසුවක් ඉදිරිපත් කර ටෙන්ඩර් මණ්ඩලය ද එම මුදලට එකඟ කරවා ගනිමින් වරාය තක්සේරුවටත් වඩා අඩු මිලකට ගෙන ඇති බවත් වරාය අධිකාරියේ ඇතැම් නිලධාරීහූ පවසති.
මෙහිදී අල කන්ටේනර් දෙකක් දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ද අනෙක් කන්ටේනර් දෙක නමගිය තවත් ව්‍යාපාරිකයෙක් ද මිලදී ගෙන දෙවැනි අළෙවියේදී විශාල ලාභයක් සමඟ අළෙවි කර ඇති බවත් මෙම සතියේ මෙරට සාමාන්‍ය වෙළෙඳපොලේ අල කිලෝවක සිල්ලර මිල රුපියල් 300 ත් 390 ත් අතර මිලක පැවැති බවත් ඔවුහු කියති.
කොළඹ කොටුව තොග වෙලෙඳපොලේ චීන අල කිලෝවක තොග මිල රුපියල් 220 ත් 240 අතර මිල පවතින බවත් ඒ අනුව මෙම ටෙන්ඩර්යෙන් අල තොගය අඩු මිලකට අළෙවි කිරීමෙන් රජයට දැවැන්ත පාඩුවත් වූ බවත් වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.
චීනයෙන් ආනයනය කරන අල දේශීය අලවලට බොහෙවින් සමාන වීම නිසා එම අල දේශීය අළ යැයි පවසමින් බොහෝ වෙළෙදුන් අළෙවි කරන අතර දේශීය අල කිලෝවක මිල රුපියල් 370 ත් 390 ත් අතර පවතී.
මෙම අල තොග සතොස හෝ රජයේ වෙනත් ආයතනයක් හරහා අළෙවි කළේ නම් රජයට ලාභයක් සහ ජනතාවට සහනයක් දීමේ අවස්ථාව තිබූ බවත් මෙම දූෂිත ක්‍රියාව සඳහා ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයෙක් සෘජුවම බලපෑම් කළ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අල ටෙන්ඩරය පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් එස්. එස්. රණසිංහ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ මෙවැනි ටෙන්ඩර්වලදී අදාල භාණ්ඩයට මිල නියම කිරීම ශ්‍රී ලංකා රේගුව කරන බවත් එම මිලට වඩා අඩු මිලකට අළෙවි කිරීමට වරාය අධිකාරියට නොහැකි බවත්ය.
රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලි අරුග්ගොඩ මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ නිදහස් කර නොගත් කන්ටේනර්වල ඇති ආහාර ආනයක කර අවම වශයෙන් මාසයක කාලයක්වත් ගතවී තිබීම නිසා සාමාන්‍ය වෙළෙඳපොලේ මිලට අළෙවි කළ නොහැකි බවත් ඒ හේතුවෙන් අනිවාර්යෙන් සාමාන්‍ය වෙලෙඳපොලට වඩා අඩු මිලක් නියම කරන බවත්ය.
වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරන බ
“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලි
හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වරායේ අල ටෙන්ඩර් මගඩියකින් රජයට කෝටියක් පාඩු කරලා
Samantha Wednesday, 08 January 2025 11:00 AM
ඔය අහුවෙන්නෙ හොරු
Channa Wednesday, 08 January 2025 11:29 AM
අනවබෝදයෙන් හැමෝටම හොරු කියන්නේ මෙහෙම තමා.
vernon Wednesday, 08 January 2025 12:08 PM
ඉතින් ආනයනය කරලා බාලා මාසයක් ගිහිල්ලා නම් ඒ අල බාගෙට පැල වෙලත් ඇති. මෙතන තක්සේරු මිලට අඩුවෙන් කිව්වට කීයද තක්සේරු මිල?