
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය ආයතන ව්‍යූහය සහ බදවාගැනීමේ පටිපාටිය අත්තනෝමතිකව වෙනස් කරමින් ක්‍රියාකිරීම පාලනය සඳහා මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය, වරාය හා නාවික අමාත්‍යවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලා තිබේ.
නව බඳවාගැනීමේ පටිපාටිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමෙන් තොරව ක්‍රියාත්මක නොකරන බවට හිටපු අමාත්‍යවරයා පොරොන්දු වී තිබියදී වරාය අධිකාරියේ පාලනය නව බඳවාගැනීම් පටිපාටිය ක්‍රියාත්මක කරමින් සිටින බවත් එම අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණය අහෝසි කර පැරණි ආයතනින ව්‍යූහය ක්‍රියාත්මක කරන ලෙස ලිඛිත මාර්ගෝපදේශයක් දෙන ලෙසත් වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.
සභාපතිවරයාගේ තීරණයට එරෙහිව වරාය අධිකාරියේ කොට්ඨාස ප්‍රධානින් ඇතුළු අනෙකුත් විධායක නිලධාරීන්ගේ ද අස්සන් සහිත ලිපියක් ද අමාත්‍යවරයාට යොමුකර තිබේ.
වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය සභාපති කාර්යාලය ඉදිරියේ පෙරේදා (24) විරෝධතාවක නිතර වූ අතර වරාය ඉංජිනේරුවන් සභාපතිවරයෙක්ට එරෙහිව උද්ඝෝෂණයක් පැවත්වූ ඉතිහාසයේ පළමු අවස්ථාව එය බව ද වරාය ඉංජිනේරු සංගමය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොජිස්ටික් එකේ ඉන්න පට්ට හොරෙක් තමයි මේකට විරුද්ධ... හොරකම් මාට්ටු වෙලා නිසා මේ වැඩේට විරුද්ධව වරාය වටේ ගිහින් අත්සන් එකතු කළා. එකතු කරලා තියෙන අත්සන් ප්‍රමාණය බැලුවා නම් සහ මේකට විරුද්ධ වුණා කියලා ඊනියා ඉංජිනේරුවන්ගේ කැරැට්ටුව බැලුවා නම් තේරුම් ගන්න පුළුවන් මොකටද මේ කෑ ගහන්නේ කියලා. මේ අයගේ හොරකම් ටිකට අවුල් වෙනනිසා තමයි මේ උඩ පනින්නේ. ලැජ්ජයි...!!
වරාය නිවැරැදිව කළමනාකරණය කරන්න ක්‍රමවේදයක් අවශ්‍යයි. මේ ඉංජිනේරුවෝ කියලා ඉන්න සෙට් එකයි, ලොජිස්ටික් එකේ ඉන්න සෙට් එකයි මේක කාලයක් තිස්සේ විනාශ කරනවා. මෙයාලා ගහලා තියෙන ඒවා හොයන්න සහ ගහපු විදිහ හොයන්න ඇමෙරිකාවේ සීඅයිඒ එක ගෙනාවත් බෑ. ඉංජිනේරුවෝ බබාලා නෙමෙයි. හොඳම දේ තමයි, මේ අයව එළවලා දාලා කොළඹ වරාය ගොඩගන්න උත්සාහ කරන එක...
අපි සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි කියලා කියන්නේ මෙන්න මේ නිසයි. රටකට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. නමුත් කණගාටුවට කරුණ නම් ලොකු පුටු මාරු වෙනකොට ඒ අයට හිතෙන හිතෙන විදිහට නීතිරීති හදන එක. මේක වෙනස් කරන්න ඕනේ.., ඕනෑම දේකට යම්කිසි ප්‍රතිපත්තියක් හෝ ක්‍රියාදාමයක් තිබිය යුතුයි. ඉහළින් තියෙන ප්‍රතිචාර දෙක දැක්කහම තේරෙනවා ගොට්ට අල්ලනවා කියලා. හැමතැනම හොරු ඉන්නවා ඒත් ඔක්කොම හොරු නෙමෙයි. පහුගිය කොරෝනා කාලේ ඉඳලා වරාය අධිකාරිය සියලුම දෙනා රෑ දවල් නොබලා රාජකාරි කරපු නිසා තමයි රට මෙහෙමවත් ඉතුරුවෙලා තියෙන්නේ. ඒකට ගෞරවය සියලුම ඉංජිනේරුවරුන්ට සහ එයට පහළ නිලයන්ට හිමිවිය යුතුයි. මේ අය සටන් කරන්නේ කුමක් හෝ අසාධාරණයක් හේතුවෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන්... අපි හැමතැනින්ම සිස්ටම් චේන්ජ් එක පටන් ගත යුතුයි...
වරායේ මෙහෙයුම් ,ලොජිස්ටික් ,සංචාලන තමයි වරායට ආදායම් උපදවන අංශ විදිහට ක්‍රියාකරන්නේ. එම අංශ වලට කාර්යක්ෂමව හා අඛණ්ඩව එම කටයුතු කරගෙන යන්න පහසුකම් සපයන්නේ සහ අදාල දොඔකර හා යන්ත්‍ර නඩත්තුතුකරන්නේ ඉංජිනේරු අංශ මගින්. නමුත් සභාපකි ඇතුලු ඉහල කළමණාකාරීත්වය පසුගිය කාල පරාසයේ නිවැරදි වෙලාවට අවශ්‍ය තීරණ හා මිලදීගැනීම් නොකර ඉහත ලිපියේ දැක්වෙන ආකාරයේ නව තනතුරැ ඇතිකර තම හෙන්චයියන්ට බලය ලබාදීම හා වරායේ හොර නිලධාරීන් කිහිපදෙනෙකු සමග එක්වී වරාය විකිණිමට පිඔුරුපත් හැදුවා විතරයි කලේ.
පුංචි කාලේ ඉඳලාම මහන්සි වෙලා ඉගෙනගෙන ඉංජිනේරුවරුන්වෙලා දැනුත් බොහෝ වෙහෙස මහන්සි වී රටේ දියුණුවට වැඩ කරන වරායේ දියුණුවට වැඩ කරන ඉංජිනේරුවන්ට නින්දා කරන්නේ මිදි ඇඹුල් වෙච්චි අය බව පැහැදිලියි. කඩෙන් හරි උපාධි සල්ලි වලට අරගෙන දේශපාලනේ පස්සේ ගිහිල්ලා තාන්න මාන්න ගන්න සමහරුන්ට ඕවායේ අගයක් දැනෙන්නේ නෑ. හොරකම් කරන්නේ රටේ ධනය කාබාසිනියා කරලා ඉගෙනගන්න කාලෙත් බොරුකරලා දැනුත් බොරු කරන උදවිය මිසක් රටට උපරිම සේවය කරන ඉංජිනේරුවෝ නොවෙයි. ඉංජිනේරුවෝත්, අනෙකුත් සියලු නිලධාරිනුත්, සියලු සේවකයිනුත් වරායේ ඉදිරි දියුණුවට පෙළ සැදෙන විට හූ කියන්නත් කට්ටිය ඉන්න ඕනෑ.
වරාය නිවැරැදිව කළමණාකරණය කරන්න කියා වරායේ ආයතන ව්‍යුහය හා බඳවා ගැනීමේ පටිපාටිය වෙනස් කරන්න මූලිකත්වය ගෙන කටයුතු කරන මානව සම්පත් අධ්‍යක්ෂත් එවැන්නෙකි. මානව සම්පත් අධ්‍යක්ෂ තියා වරායේ කම්කරුවෙක් වෙන්න තරම්වත් ඔහුට සුදුසුකම් නැත. මන්ද මොහුට මූලික උපාධියක්වක් නොමැති අතර මූලික උපාධි ඇති සිය ගණනක පිරිසක් අදටත් වරායේ කම්කරුවන් ලෙසද සේවය කරන හෙයිනි. දේශපාලන මැදිහත්වීමකින් වරායේ ඉහළ තනතුරකට පත්වීමක් ලබාගෙනැවිත් සුපුරුදු හොරකම යොදාගෙන මෙම අධ්‍යක්ෂ තනතුර ලබාගෙන ඇත. අධ්‍යක්ෂ මානව සම්පත් තනතුර ආයතනයේ වැදගත්ම තනතුරක් බැවින් මොහුව පන්නා දමා සුදුසුකම් ගත් අයෙක් පත්කරන මෙන් නව අමාත්‍යතුමාව දැනුවත් කරමු...
ඇත්ත කියද්දී හිත රිදිලා වගේ. ඉංජිනේරුවන් රෑ දාවල් වැඩකළේ නොමිලේ වෙන්න ඇති නේද? කුහක හොරුන්ට හොරු කියන්න කොන්දක් තියාගන්න..
දේශපලුවෙකුගෙ පැත්තෙන් එන දේකට උගතුන් පිරිසක් විරුද්ද වෙනවා කියන්නේ අපිට දෙපාරක් හිතන්න දෙයක් නැ. දේශපලන නායකයා හොරකමකට ලැස්තිවෙනවා අති. වසර 72 ක් වෙලත්, තේරෙන්නෙ නැද්ද. වරාය හෝ මේ අලුතෙන් දාල තියන සැලසුම ගැන කිසිදෙයක් දන්නේ නැතුව, කාගෙ හරි කීමකට කරන්න එපා. මේ රට කන්නෙ ඔය වගේ උන් තමයි. මේ අලුත් සැලැස්ම දාල තියෙන්නෙ, ඇමති සහ උන් දාන උන්ට හොරා කන්න. දැනටත් උන් සමහර තැන් වලින් හොරා කනවා, මේ රටේ ඉංජිනේරුවො බහුතරයක් දේශපලුවන් පස්සෙ යන්නෙ නෑ අනිත් අයට සාපෙක්ශව. මේ අලුත් සැලැස්ම නිසා ක්‍රම වේදයක් හදලා හොරා කන්න බැරුව තියන සමහර තැන් හොරුන් යටතට දාල. හොරා කැවෙ නත්නම් මේ ලාභය එන්නෙ මහජනතවට.
සභාපතිව දාන්නේ දේශපාලකයින්නේ. ශුවර් එකට හොර මගඩියකට සෙට් වෙනවා ඇති. ඉංජිනේරුවන්ට ජය...!
ජොබ් එකකට අයදුම් කරන්න පුලුවන්?