(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අවිස්සාවේල්ල උතුරු කරඳන නෙළුවකන්ද ජල ව්‍යාපෘතියෙන් ජලය බෙදා හරින බට කපා තෙල් මිශ්‍ර කළ සැකකරු "රෙක්ස්" සුනකයාගේ ඉව ඔස්සේ ගොස් අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි
තමන් පරිභෝජනය කරන ජලයට කිසියම් පුද්ගලයකු තෙල් මිශ්‍ර කර ඇති බවට කරඳන ප්‍රදේශයේ පුද්ගලයන් කීපදෙනකු කළ පැමිණිලි අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
නෙළුව කන්ද සිට බෑවුමට යොදා තිබෙන ජල බටයක් කිසියම් පුද්ගලයකු කපා නැවත සකසා තිබෙන අයුරු ත් ඒ අසන්නේ තෙල් ගෙන ආ බවට සැකකරන ප්ලාස්ටික් කෑන් එකක් තිබීම හේතුවෙන් " රෙක්ස්" සුනඛයා එම ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව එම ස්ථානයේ තිබූ ප්ලාස්ටික් කෑන් එක ඉව කිරීමට සැලැස්වීමෙන් පසු රික්තා සුනඛයා කිලෝමීටර් එකාමාරක් දුරක් ගොස් සැකකරු පදිංචිව සිටි නිවෙසට ඇතුළු වූ බව පොලිසිය කියයි
ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමන් ජල බට කපා තෙල් මිශ්‍ර කළ බවට පිළිගත් බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරියෙක් පැවැසීය
තමන් කිසිදු පුද්ගලයෙක් සමග ඇති තරහකට මෙම දේ සිදු නොකළ බවත් මත්පැන් පානය කර සිටි අවස්ථාවේදී සිතට නැඟුණු අදහස ක්‍රියාත්මක කළ බවත් සැකකරු වැඩිදුරටත් පවසා ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙත් අවුරුදු 20 කට පෙර සමෘද්ධි ආධාරත්, වෙනත් ආධාරත් ඇතිව ජල ව්‍යාපෘතියක් ආරම්භ කර තියෙනවා. ඒ කාලයේ සිටම එක්කෙනෙක් එයට විවිධාකාරයෙන් බාධා කළා. මේ දවස්වල අපිට වතුර නැතුව දැඩි දුෂ්කරතා මැදඉන්නේ... නමුත් අර මිනිහා එයාගේ ගේ ළඟින්ම පයිප්පයක් දමා කරාමය ඉවත්කර තියෙනවා... වහන්න දෙන්නේ නැහැ...
මොනතරම් පව්කරයෙක්ද? මෙවන් කාලකණ්ණින්ව සමාජයට නිරාවරණය කිරීම කළයුතුයි. එවිට මෙවන් මෘගයින්ට පාරේ යන්න බැරි ලෙස වැඩ සිද්දවෙන එක මගින් මෙවන් තිරිසන් ක්‍රියාවන් සහමුලින්ම නැවැත්විය හැකි බව අප තරයේ විශ්වාස කරන්නෙමු. එසේ නමුත් අප රටේ ඇතැම් මාධ්‍යයන් පක්ෂග්‍රාහී ලෙස ක්‍රියාකිරීම ඉතාමත්ම අවාසනාවකි.