(යොහාන් භාසුර)
උසස්වීමකට, සේවා දිගුවකට හෝ වෙනත් වරප්‍රසාදයකට රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාවා නොදෙන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් පළාත් පාලන මැතිවරණයේ වර්තමාන තත්වය නිර්මාණය කිරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (14) පැවසීය.
රජයේ මුද්රචණාලයට මුදල් නොදීම මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම තාවකාලිකව අත්හිටුවීම ඉතිහාසයේ පළමු වරට සිදුවූ බව කී ඒ මහතා සෑම මැතිවරණයකදීම ගෙවීමේ පදනම මත රාජ්‍ය ආයතන බොහෝමයක් මැතිවරණ දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් වැඩකරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හීන් නූලෙන් සමාජවාදී පාලනයක් ගේන්න කරන උප්පරවැට්ටියට ද ප්‍රජාතන්ත්‍රවාදය පාවා දෙන්න එපා.
මැතිවරණ වලට බාධා කිරිම එක අතකින් ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිමක් .අනිත් පැත්තෙන් පුරවැසියගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගන්න දරණ උත්සහයක්. ඒක වලක්වා ගන්න දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන මේ නිවට හා දූෂිත නිළධාරීන්ට හා නිළධාරීනියන්ට විරුද්ධව වහාම අධිකරණයේ පිහිට පැතිය යුතුය.