(එච්. චන්දන)
වරෙන්තු කරුවෙකුව අත්අඩංගුවට ගැනීම සදහා ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට වරෙන්තුකරු පහර දීම හේතුවෙන් ප්‍රතිකාර සදහා වනාතවිලළුව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බව වනාතවිල්ළුව පොලීසය කියයි.
සිද්ධියට මහුණ දී ඇත්තේ වනාතවිල්ලුව පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
වනාතවිල්ලුව පොලිස් වසමේ 14 කණුව ප්‍රදේශයේදී මෙම පහර දීම සිදු වී ඇති අතර පහර දීම හේතුවෙන් සුළු තුවාල ලබා ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සදහා වනාතවිල්ලුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
කෙසේ නමුත් පහර කෑමට ලක්ව ඇති පොලිස් නිලධාරීන් දෙදෙනාම එක්ක සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරෙන්තුකරුවන් අල්ලන්න යන්නේ මාංචු කුට්ටම විතරක්ම අරගෙන නම් ඉතිං දෙයියන්ගේම පිහිට තමයි..
කෙනෙක් අත්අඩංගුවට ගැනීමට අඩුම නිලධාරීන් 04 දෙනෙක් යා යුතුයි. නිලධාරීන් දෙදෙනෙක් වාහනයේ... අනික් දෙදෙනා රාජකාරිය කරනකම් ... මේ විදිහ පොලිසිය දන්නේ නැද්ද?