
(නිමන්ති රණසිංහ)
“ජනතා නිදහසට අත නොතබනු” යන මැයෙන් තරුණ නීතිඥවරුන් සහ වෘත්තිකයන් සිදුකරන උද්ඝෝෂණය මහජන පීඩාවක් වන බැවින් එය වලක්වන ලෙසට කොටුව පොලීසිය කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (10) ප්‍රතික්ෂේප කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව උද්ඝෝෂණ කිරීමේ අයිතිය මත එය සාමකාමීව සිදු කළ හැකි අතර, ගාලුමුවදොර භාවිතා කරන සාමාන්‍ය ජනතාවට ඉන් බාධාවක් ඇතිවුවහොත් පොලිස් බලතල අනුව කටයුතු කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
යම් හෙයකින් මහජන පීඩාවක් ඇතිවන අයුරින් උදඝෝෂකයන් කටයුතු කළහොත් පොලිස් බලතල සේම ප්‍රචන්ඩකාරිව හැසිරෙන අයවලුන් සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.
“ජනතා නිදහසට අත නොතබනු” යන මැයෙන් තරුණ නීතිඥවරුන් සහ වෘත්තිකයන් පිරිසක් කොළඹ කොටුව ගාලුමුවදොර පිටියේදී සිදුකරන මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු සහ සමාජ මාධ්‍ය හරහා තොරතුරු අනාවරණය වන බවත් මේ හේතුවෙන් එහි සිටින ජනතාවට කරදර හිරිහැර සිදුවන බවටද වාර්තාවන බවත් කොටුව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී. ඒ හේතුවෙන් මෙම උද්ඝෝෂණය වැලැක්වීමට නියෝගයක් නිකුත් කරන ලෙසට පොලීසිය අධිකරණයෙන් ඉල්ලීය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණ්‍යට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කර සිටියේ, සාමකාමී රැස්වීමේ නිදහස තම සේවාදායකයන්ට ඇති අයිතියක් බවත්, නීති විරෝධී කිසිවක් කිරීමට සැලසුම් නොමැති බවත්ය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට පීඩනය සහ හිරිහැර ඇති කරන මෙම ආණ්ඩුව පලවාහැරීම සඳහා උසාවි නියෝගයක් ලබාගැනීමට නීතිඥවරුන් ඉල්ලුම් කළ යුතුයි...
සාමකාමී පුරවැසියන් පීඩාවට පත් කරන සහ අපයෝජනය කරන රජයට එරෙහි නඩුවක් පොලිසිය අසමත් විය යුතුය!
අනේ නැහැ අපිට නම් මෙ විරෝතාවයෙන් කිසිම පීඩාවක් වෙන්නෙ නැහැ.. අපිට පීඩාවක් වෙලා තියෙන්නෙ මෙ පාදඩ පාලකයන්ගෙ සීමවක් නැති මංකොල්ල කෑම් සහ උන්ගෙ අණසක ට නටන මුර බල්ලන් වගෙ හැසිරෙන පොලිසියෙ ඉන්න මොලේ නැති කොට්ටාසයෙන්. . උසාවියෙන් පොලිසියට නියෝයක් දෙන්න බැරිද මිනිස්සුන්ට පීඩා කිරිම තහනම් කරලද?