
පාස්කු ප්‍රහාරයෙන් මියගිය කතෝලික ජනතාවට සිහි කිරීම ඇතුළු මියගිය අය වෙනුවෙන් සාධරණය ඉල්ලා ගාලුමුවදොර පිටියට වැඩම කළ භික්ෂූන් වහන්සේලාට දහවල් දානය පිරීනැමීමට කතෝලික හා බෞද්ධ පිරිස් කටයුතු කළහ.
පාස්කු ප්‍රහාර සිදුවී අදට වසර තුනක් සපිරීම නිමිතිකර ගනිමින් එම ප්‍රහාරයේන් ජීවිතක්ෂයට පත්වූ සහෝදර කතෝලික ජනතාවට සිහිපත් කිරීමටත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දින 13ක් තිස්සේ ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂණයේ නිරතව සිටින බෞද්ධ හා කතෝලික පිරිස් මෙම පිංකම සංවිධානය කර තිබුණි.
( ඡායාරූප හිමත් මතීශ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ගොඩක් වාසනාවන්තයි මේවගේ පින්වත් දසුන් දකින්නට හරි ලැබීම...
ලක්මින් සහ ගැමුණු ඉහත දක්වා තිබෙන අදහස් වලටත් ඩිස්ලයික් දාන අය ඉන්නවා කියන්නේ සාමයට අකැමැති කොටසකුත් ඉන්නවා කියන එක නේද? එතකොට එයාලාට උවමනා හැමදාම අපේ ලාංකික ජනතාව ගහමරා ගන්න එකද? ඔවුන් මනුෂ්‍යයින්ද? නැත්නම් මනුෂ්‍ය වෙස්ගත් වෙනත් සත්ව කොට්ඨාශයක්ද?
මෙය ඉතාම හොඳ සුබවාදී පෙළගැස්මකි... හැමදාමත් අප පතන්නේ මෙවැනි වෙනසකි. තෙරුවන් සරණින් සතුටින් සිටිය හැකි ශ්‍රී ලංකාවක් බිහිවේවා...!!!