(ඉන්දිකා රාමනායක)
ජනාධිපති මන්දිරයට බලහත් කාරයෙන් ඇතුලු විරෝධතාකරුවන්ට යුද හමුදා භට පිරිස් හිතා මතා හානි කිරීමේ අරමුණින් ඔවුන් ඉලක්ක කර වෙඩි තැබු බවට සිදුකරන ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරන බව යුද හමුදාව නිවේදයන් නකුත් කරමින් පවසයි.
හමුදාව වෙඩි තබන වීඩියෝ පට සමාජ ජාලා ඔස්සේ ප්‍රචාර වෙමින් මෙම චෝදනා සම්බන්ධයෙන් හමුදාවේ අවදානය යොමු වී ඇති බවද හමුදාව පවසයි.
යුද හමුදාව විසින් විරෝධතාකරුවන් එම පරිශ්‍රයට ඇතුලු වීම වැළැක්වීම උදෙසා අහසට මෙන්ම ඇතුලුවන ප්‍රධාන ගේට්ටුවේ පැති බැම්මට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ බවද හමුදාවට සඳහන් කරයි.
අහසට සහ පැති ගේට්ටුවේ බැම්මට වෙඩි තැබීම පිරිස ඇතුලු වීම වැලැක්වීම සදහා උපක්‍රමයක් ලෙස භාවිතා කළ බවත්,එය කිසිසේත්ම නිරෝධතාකරුවන්ට ශාරීරීක හානියක් සිදුකිරීම සදහා ගත් පිටවරක් නොවන බව යුද හමුදාව වැඩිදුරටත් අවධාරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඒ කතා නිෂ්ඵලයි.ඒ වෙලාවේ තාප්පය ඇතුලට පැන්න අයට පහර දුන් ආකාරය සජීවීව රටම දැක්කා. වගකීම් විරහිත පලායන මහජන පීඩාව මහලු ජනපතියෙකුට ආරක්ෂාවට නිරායුධ තරුණයන්ට පහරදීම......
ඔවුන් මිනිසුන්ට වෙඩි තබුවෙනම් ජීව්ත හානි විශාල ලෙස සිදුවන්නට ඉඩ තිබුනි.
ඇපේ කොල්ලොන්ට ගැහුවෙ උන් තමයි, දැන් බොරුවට කිඹුල් කදූළු හෙලනව
නීතිවිරෝධී ආක්‍රමණිකයින්ට පහරදීමේ වැරැද්දක් නැහැ.
ඔබ කෙසේ කිව්වත්, වෙඩි වැදී තුවාල වුණු අය තවම ජාතික රෝහලේ ඉන්නවා. ගිහින්ම බලලා නිවේදනය කරන්න.
ගේට්ටුව අයිනේ මුල්ලේ පොලිසියයි, හමුදාවයි... මිනිස්සුන්ට, බල්ලන්ට වගේ ගහනවා හොඳට දැක්කා...!
වෙනත් රටවල (දියුණු) හමුදාව,පොලීසිය සහ බුද්ධි අංශ ආරක්ෂා කරන්නේ රටේ ජනතාව,සම්පත් සහ රටේ සිස්ටම් එක. අපේ අය ආරක්ෂා කරන්නේ රටේ පාලකයින්ව.
වඳින්න ඇත්තේ රුසියාවෙන් හරි, යුක්‍රේනයෙන් තියපු වෙඩිල්ලක් වෙන්න ඇති...!
වෙඩි තිබ්බත් මොකෝ, ගෙදර ඉන්න අපිට වදින්නේ නැහැනේ...
අපොයි ඒ ගැන කුමට කතා කරමුද? රටේ මේ තරම් හොරකම් කරලා මිනීමරපු මිනිසුන් ආරක්ෂා කිරීමට කටයුතු කළ පොලිසිය හා හමුදාව රට බේරාගැනීම සඳහා කටයුතු කළ ජනතාවට ඉහළින්ම හිරිහැර කරදර ඇති කළා. ඒක තමයි ඇත්ත.
පොලිසියේ සහ හමුදාවේ අමානුෂික ප්‍රහාර කාටවත් මිනිස්සුන්ගෙන් සඟවන්න බැහැ.. මුලු ලෝකයම ලංකාවේ පොලිසියේ සහ හමුදාවේ අමානුෂික ගෝත්‍රික තිරිසන් හැසිරීම දැක්කා.. නව රජයක් යටතේ මොවුන්ගෙන් පහර කෑ නිරායුධ මිනිසුන්ට සාධාරණය ඉටුවිය යුතුයි... මේ පහර දුන් පුද්ගලයින්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. අපි ඒ දෙස බලා සිටිමු. නිරායුධ මිනිසුන්ට තම නිල ඇඳුමේ හයිය පෙන්නන්න උත්සාහ කළ හැම කෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නව රජයේ වගකීමයි..