IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


විරෝධතාකරුවෝ නේපාල් මැතිසබයට ගිනි තබති

(විමුක්ති එස් රුද්‍රිගු)

තරුණ තරුණියන් 21 කට මරු කැඳවූ විරෝධතාවලට අවසන් කරමින් ඒ සඳහා ව්‍යවස්ථාමය විසඳුමක් සෙවීම සඳහා තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නේපාල අග්‍රාමාත්‍ය කේ.පී ෂර්මා ඔලී අද පැවැසුවේය.

කෝපයට පත්වූ විරෝධතාකරුවන් අද නේපාල ජනාධිපති රාම් චන්ද්‍ර පොඩල් සහ අගමැති ඔලීගේ පෞද්ගලික නිවාස ගිනිතබා තිබූ අතර ඉහළ පෙළේ දේශපාලනඥයන් කීපදෙනකුගේ නිවාසවලට අලාභානි කර තිබිණි.

නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය පුෂ්ප කමල්ගේ නිවසටද විරෝධතාකරුවන් අලාභානි කර තිබිණි.

විරෝධතාකරුවන් අලාභානි කළ නිවාස අතරට අමාත්‍යවරුන් දෙදෙනකුගේ නිවෙස්ද අයත් විය.

එහිදී නේපාල ජනාධිපති රාම් චන්ද්‍රගේ නිවසට අලාභානි කරන අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය විය.

එසේම විරෝධතාකරුවන් නේපාල පාර්ලිමේන්තුවට කඩාවැදී තිබූ අතර එහි තිබූ බඩු භාණ්ඩවලට අලාභානි කරමින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද විරෝධතාකරුවන් ගිනි තබා තිබිණි. විරෝධතාකරුවන් නේපාල අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට නිවේදනය කර තිබූ අතර දිගින් දිගටම විරෝධතා ප්‍රචණ්ඩවීමත් සමග නේපාල ස්වදේශ කටයුතු, කෘෂි කර්ම, සෞඛ්‍ය, තරුණ හා ක්‍රීඩා කටයුතු සහ ජලය පිළිබඳ අමාත්‍යාංශ බාර අමාත්‍යවරුන් සියල්ලම සිය ධුරවලින් ඉල්ලා අස්වූ අතර තවත් අමාත්‍යවරුන් කීපදෙනකු ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වන බවට නිවේදනය.

 



අදහස් (3)

විරෝධතාකරුවෝ නේපාල් මැතිසබයට ගිනි තබති

රුවන් Tuesday, 09 September 2025 04:48 PM

ලොව පුරාම මිනිස්සු තක්කඩි දේශපාලනයට තිත තබමින් සිටි

:       0       1

kasun Tuesday, 09 September 2025 04:48 PM

අපේ රටෙත් හිටියා මේවගේම සෙට් එකක්… එයාලා ලොකු වෙනසක් කරගත්තා. දැන් එහෙම ගිනි තියපු අයයි අනිත් අයයි මුලු රටම හරීම සතුටින් ඉන්නේලු.

:       0       0

ranidu Tuesday, 09 September 2025 04:52 PM

මෙහෙම හරක්, මූ අන්තිම දුප්පත් හැබැයි, මුන් මුංගේම රටේ ගොඩනැගිලි ගිනි තියාගන්නවා. අපේ රටේත් ඉන්නවා ගිනි තියාගන්න දක්ෂ සෙට් එකක්. අන්න ඔවුන් ටික එහෙට යවුවානම් මුලු නේපාලේම ගිනි තියයි... මෙහෙනම් දැන් ගිනි තියාලා ඉවර වෙලා මිනිස්සු පට්ට හෑපී එකේ ඉන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1540 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site