IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


විරෝධතාකරුවෝ අලුත් අවුරුදු සමරති

(ඩයනා උදයංගනී)

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව හයවැනි දිනටත් විරෝධතාවයේ නිරත විරෝධතාකරුවෝ ගාලුමුවදොර පිටියේ සිට අද (14) උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද  සාමකාමීව සැමරූහ.

සියලු චාරිත්‍ර වාරිත්‍ර විරෝධතා භූමියේ සිටම සිදුකළ අතර පැමිණ සිටින සියලු දෙනාට ආහාර ගැනීමට කිරිබත් සහ විවිධ කැවිලි වර්ගවලින් යුත් කෑම මේසයක්ද සූදානම් කර තිබිණි.

ඔවුන් වෙත දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව විසින් කැවිලි සපයනු ලැබිණි.

සෙත් පිරිත් ආශීර්වාද මධ්‍යයේ නැකතට කිරි ඉතිරවූ පිරිස කැවිලි අනුභව කළහ.

නිර්මාණශීලී රබන් පද ද ඔවුන්ගේ අවුරුදු සැමරුමට ඇතුළත්ව තිබිණි.

ප්‍රවීණ ගායන ශිල්පී විකටර් රත්නායක මහතා ඇතුළු කලාකරුවන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රටේ ඇතිව තිබෙන ආර්ථික පසුබෑම හමුවේ පවතින රජයට ඉවත්වන ලෙස ඉල්ලා පසුගිය 09 දින මෙම විරෝධතාව ආරම්භ විය.

පවතින වර්ෂා සහිත කාළගුණය මධ්‍යයේ වුවද තම ඉල්ලීම ඉටුවන තෙක් විරෝධතාකරුවන් ගාලුමුවදොර පිටියේ රැදීසිටිමින් විරෝධතාවයේ යෙදෙන ආකාරය දැක ගත හැකිය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (5)

විරෝධතාකරුවෝ අලුත් අවුරුදු සමරති

Samantha Thursday, 14 April 2022 12:35 PM

අරගලය ඉදිරියට රැගෙන යාමට නායකත්වයක් අවශ්‍යවේ ඒ සම්බන්ධව සිතා බැලීම වටී

:       0       0

chathu Thursday, 14 April 2022 12:36 PM

කට්ටියම එකතු වුන වෙලාවේ ප්‍රයෝජනවත් වැඩක් කරන්ඩ තිබුනා.. පැය බාගයක් අරගෙන කාබනික ගොවිතැන ගැන කියල දුන්න නම්, රටට අධික බරක් වෙන සේවය අඩු කරන්ඩ බල කිරීම, අධික ලෙස අලාබ ලබන රජයේ ආයතන පෞද්ගලික කිරීම, අදායම් බදු නොගෙවා කොටි ගානක් වටිනා වාහන පදින මිනුස්සුන්ගෙන් අදායම් බදු එකතු කරගන්න ක්‍රමයක් යෝජනා කිරීම වගේ දේවල් කරානම් කොච්චර වටිනවද ..

:       0       0

Dilan Thursday, 14 April 2022 01:08 PM

අරගලයක්ද කානිවල් එකක්ද

:       0       0

Hemantha kumara Friday, 15 April 2022 07:12 AM

ඔබ සෑමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. අපි සටන දිනමු. ජය වෙිවා

:       0       0

Bamunuarachchi Friday, 15 April 2022 01:24 PM

දෙමල ඩයස්පොරාවයි. NGO කාරයොයි උඹලාට කන්න දෙනතුරු ඔතන ඉඳපල්ලා. අපිට මොකෝ? අපි දන්නවා උම්බ්ලාගේ කෑම බිල ගෙවන්නේ දෙමල ඩයස්පොරාවයි. NGO කාරයොයි කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 572 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17402 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site