IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


විරෝධතාකරුවෝ අගමැති නිල නිවෙස වටලති

 

ජනාධිපති,අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඉවත්වන ලෙස බල කරමින් අන්තර් විශ්ව විද්‍යාල සිසුන් මේ වන විට අග්‍රාමාත්‍ය නිල නිවෙස වටලා දැඩි විරෝධයක් එල්ල කරමින සිටිති.

ඇතැම් සිසුන් තාප්පය මත නැග සිය විරෝධය එල්ල කරන අතර නිලනිවෙසට ඇතුළුවන ගේට්ටුව අසල කළු කොඩි ඔසාව ඔවුහු විරෝධය පාති.

-----------------------------------------------------------

(ඉන්දිකා රාමනායක)

කොටුව දුම්රිය පොළ අසලින් ආරම්භ වූ අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ගේ පා ගමන පංචිකාවත්, පුංචි බොරැල්ල සහ බොරැල්ල පසු කරමින විජේරාම මාවතේ කැප්පෙටිපොළ මාර්ග හරහා මේ වන විට ගමන් ගන්නා බව අප වාර්තාකරුවෝ පවසති.

මෙම පා ගමනට 3000සකට අධික සිසුන් පිරිසක් එක්ව සිටිති. 

අග්‍රාමාත්‍ය නිල නිවෙස පිහිටා ඇත්තේ ද විජේරාම මාවතේ වන අතර මේ වන විට කැරලි මර්දන පොලිසිය යොදවා අවහට ආරක්ෂාව දැඩි කර ඇත.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

 

------------------------------------------------------------------------------------------------------

(ඉන්දිකා රාමනායක)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කළ විරෝධතා  පාගමන මේ වන විට පංචිකාවත්ත ටෙක්නිකල් හන්දිය පසුකරමින් පංචිකාවත්ත දෙසට ගමන් කරන බව අප වාර්තා කරුවෝ පවසති.

විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම පාගමන නිසා කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක් පවතී.

(ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (5)

විරෝධතාකරුවෝ අගමැති නිල නිවෙස වටලති

Rohitha Sunday, 24 April 2022 02:37 PM

අදත් පොලිසිය බිල්ලක් ගන්න යි ලෑස්ති වෙන්නේ. එහෙම උනොත් ආණ්ඩුවේ අවසානය.

:       0       0

SL Sunday, 24 April 2022 02:39 PM

දැන් තියෙන එකම පිළිසරණ අන්තරේ ප්‍රමුක ජාතික ජන බලවේගයට රට කරන්නට දීමයි. වී මිල බලාගෙන ඉද්දි වැඩි වෙයි. හාල් මිල බලාගෙන ඉද්දි අඩු වෙයි. ආර්ට් ෆැකල්ටි වලින් එලියට එන ගොබ්බයින් සියල්ලටම රජයේ ගුරු රැකියා හිමිවෙලා පෙන්ෂනුත් ලැබිල ,පඩිත් වැඩි වෙලා. රටින් ගෙනෙන සියලුම කෑම වල මිල අඩු වෙලා. ...................

:       0       0

කිරි පුතා Sunday, 24 April 2022 02:40 PM

අන්තරේ ගැන නම් කතා කරන්න දෙයක් නෑ. හැමදාම පාරෙනෙ. කවුරුත් දන්නව ඇති. නිදහස් අධ්‍යාපනයෙන් ඵල නෙලාගෙන රටට සේවයක්.කරන අදහසක් ගෑවිලාවත් නැති පුදුමාකාර ළමයින් කොටසක්. කිසිම දවසක හැදෙන්නෙ නෑ.

:       0       0

DM Sunday, 24 April 2022 06:14 PM

අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය මේ අරගලයෙන් ඉවත් වෙලා හිටියොත් හොඳයි. අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය කියන්නේ පෙරටුගාමී සහ JVP යේ දේශපාලන අතකොළු... මොවුන් තමයි තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය කඩා කප්පල් කරන්නේ. මොවුන් ඉන්නවා නම් අරගලය නිර්පාක්ෂික නැහැ...

:       8       9

Kumar (Gulf) Monday, 25 April 2022 02:55 PM

100% යක් ඇත්ත. විශ්ව විද්‍යාලවල ළමයි නවක වදය මුවාවෙන් කරදර කරන්නේ මේ අන්තරේ අයයි.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 572 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17401 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site