( චමිල් රූපසිංහ)
බන්ධනාගාර දෙපාර්තුමේන්තුව විසින් බෝගම්බර පැරණි බන්ධනාගාරයේ විරෝධතාවක නිරතව සිටින රැඳවූවන් අතරින් පී.සී.ආර් පරීක්ෂණ දැනට සිදුකර අවසන් 250 ක පමණ පිරිසක් කෑගල්ල හා මීගමුව බන්ධනාගාර වලට යොමු කිරීමට පියවර ගෙන ඇත.
මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද(12) දහවල් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා බන්ධනාගාරය තුළට ගිය අතර එම අවස්ථාව වනවිටත් බන්ධනාගාරයේ වහල මත සිටි රැඳවූවන් විරෝධතාවයේ නිරතව සිටියහ.
දැනට එම බන්ධනාගාරයේ පුද්ගලයින් 810 දෙනෙකු රඳවා සිටින අතර සෙස පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ කඩිනමින් සිදුකරන බව බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි තිබ්ඛෙ නැතිඑක ලොකු දෙයක්...