(සුජිත් හේවාජුලිගේ )

කවුරුන් හෝ වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා  ඔවුන් සිවුරෙන් ඉවත්  කළ යුතු බව රාමාඤ්ඤ  නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ

ශාසන සංශෝධන සඳහා සංගායනාවක් අවශ්‍ය බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

සෝභිත හිමියන්  මෙසේ පැවසුවේ  ඊයේ  පැවති ප්‍රවෘත්ති  සාකච්ඡාවකදීය

සංඝාධිකරණයට  රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා මහනාහිමිවරුන් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බවද උන්වහන්සේ පැවසූහ.

ශ්‍රී ලංකා භික්‍ෂු සමාජයේ ඛේදජනක සිද්ධීන් කිහිපයක් පසුගිය දිනවල අත්දුටු බවත් මේවා මුල් කරගෙන සමස්ත භික්‍ෂු සමාජයටම අපහාස කරන තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් සෝභිත හිමියෝ කීහ.

එය වැරදි බව කී  උන්වහන්සේ එක්කෙනෙකු දෙන්නෙකු කරන වැරදි වලට සමස්ත භික්ෂු සමාජයම වගකිවයුතු නැතැයිද  ප්‍රකාශ කළහ.

සෝභිත හිමියෝ මෙසේද පැවසුවේය

එක් කෙනෙකු දෙන්නෙකු කරන වැරදි වලට සියලුම  භික්ෂූන් වහන්සේලාට දොස් නැගීම වැරදියි. කළ යුත්තේ වැරදි කරන අයට එරෙහිව   ධර්මානුකූලව ඉදිරි පියවර ගන්න එක. මහා නා හිමිවරුන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්  රජයට  යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. දැන් තියෙන්නේ ඒවා ක්‍රියාත්මක කරන්න.