
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අමාත්‍යාංශ අද බෙදා ඇත්තේ කිසිම කෙනෙකුට තීරණයක් ගෙන වැඩ කිරීමට හැකි වන අයුරින් නොවන හෙයින් ඒවා පළමුවෙන්ම විද්‍යාත්මක ක්‍රමයකට බෙදීම කාලීන අවශ්‍යතාවක් බව අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසූහ.
ආණ්ඩුවේ වියවුලේ ප්‍රධානම හේතුව මෙම කාරණය බවද උන්වහන්සේ සඳහන් කළහ
රතන හිමියන් මෙසේ පැවසුවේ විදුලිබල අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
"අද කෘෂිකර්ම අමාත්‍යාංශය එක තැනක.වැවිලි කර්මාන්ත එක තැනක. මහවැලිය එක තැනක. පොහොර හදන්නේ තවත් තැනක. ඇමැතිතිතුමා තවත් තැනක." යැයිද රතන හිමියෝ පැවසූහ.
ගිය ආණ්ඩුව ඇමැතිකම් බෙදූවේත් මේ ආකාරයට විද්‍යාත්මකව බව පැවසූ උන්වහන්සේ හතර පොළේ හතර අතට අමාත්‍යාංශ බෙදු බවද සඳහන් කළහ.
මේ ආකාරයට කටයුතු සිදුවෙද්දී නිවැරදි තීරණයක් අරගෙන ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි බරපතළ ප්‍රශ්නයක් මතුවන බව රතන හිමියෝ ප්‍රකාශ කළහ.
ගෑස් ටැංකි පුපුරා යාමට කඩිනම් විසඳුමක් අවශ්‍ය බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට නිවන් යන්න අමාරුද අපේ හාමුදුරුවනේ..?
ගිහි ජීවිතේ තේරුමක් නැහැ කියලා නේද පැවිදි වුණේ..?
අනේ හාමුදුරුවනේ, පිං සිද්ධ වෙයි, කාබනික එකක් කියලා ගොවියාව මහපාරට ඇදලා දැම්මා.. දැන් තව එකක් කියනවා.. දැන්වත් මහණ වුණානම් හොඳයි නේද?
හාමුදුරුවන්ටත් වේගයෙන් නිවන් යන්න ප්‍රාඩෝ එකක් ඕනද?
ඇයි හාමුදුරුවනේ දැන් මෙහෙම කියන්නේ? ඔබ වහන්සේ පත් කළේ කෙලින් වැඩ කරන, දැඩි තීන්දු තීරණ ගන්නා, විද්‍යාත්මකව ඇමතිකම් පත්කරන ජනාධිපතිනේ...
රටට කළ විනාශය ඇති. දැන්වත් දේශපාලන වැඩ නවතා මහණ දිවිය ගැන බලාගෙන ඉන්න එක හොඳයි නේද?