මහින්ද නිශ්ශංක
හදිසි නීතියට මුවාවී වර්ජනයේ යෙදෙන දුම්රිය වෘත්තිය සමිති මර්දනය කර වර්ජකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් පියවර ගනු ලැබුවහොත් පැය 24 වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කිරිමට වෘත්තීය සමිති තීරණය කර ඇතැයි ලොකෝමෝට්ව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.
මේ වන විට සියලු දුම්රිය සමිති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, බැංකු සේවක සමිතිය, වරාය, ඛනිජතෙල් සමිති සමඟ සාකච්ඡා පවත්වා ඇති බවද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම දිගුකාලීන වර්ජනයකට යනවා නම් මොවුන් සේවය අතහැර ගිය අය සේ සලකන්න බැරිද? රටේ ඕනෑතරම් සේවයට කැමති අය ඉන්නවා. ඔවුන් අලුතින් බඳවාගන්න...
කිසිම ප්‍රශ්නයක් නැහැ. කරුණාකරලා නීතිය ක්‍රියාත්මක කරන්න. මෙයාලා රට පාලනය කරන්න දෙන්න බැහැ. කලින් සැරෙත් කොහොම හරි කරලා බේරුණා. එ්ත් මගීන් පත්වූ අපහසුතාවය, වියදම් වූ අමතර මුදල් අපට ලැබෙන්නේ නැත. කරුණාකර මොවුන්ව සේවයෙන් ඉවත් කර, නැවත අලුතින් පුහුණු කර හෝ යොදවන්න. ලොකු උදව්වක්. මොවුන් හැමදාම මොවුන්ට ඕනෑ විදියට නටනවා. කෝ මේ අපේ අර්ජුන ඇමතිතුමා... කරුණාකර නිසි ක්‍රියාමාර්ග ගන්න. වැඩ නොකරපු දිනවල පඩි ලබා නොදෙන්න..
මේ රට හදන්න නම් මේ හොර සංගම් දුම්රිය සමිති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, බැංකු සේවක සමිතිය, වරාය, ඛනිජතෙල් සමිතිය සහමුලින් තහනම් කර ප්‍රජාඅයිතිය තහනම් කරන්න. මේ ආයතන පෞද්ගලික කළොත් මහජනයාට හොඳ සේවයක් ලබා ගතහැකිය.
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරේ මගී ජනතාවට සහන සැලසීමට බව මේ ගොබ්බයන්ට තවත් තේරිලා නැහැ වගෙයි..! හොස්ස ලඟින් මැස්ස යනකොට වර්ජනය කරන අය, මීළඟ වර්ජනයේදී සේවය හැරදා ගිය අය ලෙස සලකන බවට ගැසට් කර තිබියදීත්, මෙවැනි ඔලමොට්ටල වැදී බණ දෙසන අයගේ මානසික තත්වය සොයාබැලීම සඳහා අංගොඩ මානසික රෝහලට යවන්න බැරිද ? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් රෝගීන් මැරෙන්න ඉඩ හැර බෝඩ් ලෑලි එල්ලන් පාරවල් දිගේ බඩගාන බව අප මීට කලිනුත් දැක තිබේ...!!!
සංගම් වල බොරු තර්ජන වලට රජය කිසිසේත් යටත් නොවිය යුතුය. සංගම් නායකයන් සියල්ල අත්අඩංගුවට ගත යුතුය. නීතිය තදින්ම ක්‍රියාත්මක කල යුතුය. රටක දියුණුවට අවශ්‍ය වන්නේ ප්රජාතන්ත්රවාදය නොව විනයයි. දැඩි ක්‍රියාමාර්ග නොමැතිව මෙම රටේ විනය ඇතිකළ නොහැක. මන්ද මේ රටේ බහුතරයකට නිදහස නිසි ලෙස පාවිච්චි කිරීමට නොදනී.
යන්න කියන්න. ඔවුන්ව ගෙදරම යවන්න. කාලකන්නි. මෙච්චර දුක් විඳින අපිට ඕක මොකක්ද? කරන්න වර්ජනේ. හැබැයි අයෙත් නෝ ජොබ්ස්.
කරුණාකර අගමැතිතුමනි, 1978 ජේ.ආර්. ජයවර්ධන ක්‍රියාදාමය යලි ඇති කරන්න. රටේ ඕනෑතරම් දැනුම තියන සේවකයන් සිටියි. ඔවුන් බඳවා ගන්න මේ සියල්ලන් දේශපාලන කාලකන්නින්ගේ උසිගැන්වීම මත සිදුවන බව වටහාගෙන වැඩ කරන්න අත්‍යවශ්‍ය සේවා තුළ තිබෙන කාර්යභාරය ඔවුන්ට දැනෙන්න මේ සියලුදෙනා ගෙදර යවා නඩු දමන්න..
ලංකාවේ හොඳම විශ්‍රාම වැටුප් හම්බ වෙන ක්ෂේත්‍ර දෙක දිගටම වර්ජන. සුද්දගේ කාලේ ඉඳන් තියෙන පරිපාලනයේ අවුලක් ඇති. ඒකට දේශපාලනයෙන් විසඳුම් හොයන එක අමාරු වෙයි. මොකද වෘත්තිය සමිතිත් වැඩකරනවට වඩා දේශපාලනය කරන හින්දා. වෘත්තිය සමිති තියෙන්නේ වඩා වර්ජනය කරන්නද? වැඩක් හොඳට වෙන්නේ කොහොමද කියලා කතා කරන්නද? මොකක් හරි අවුලක් තියෙනවා. වෘත්තිය සමිති කියනවට වඩා හොඳයි වැඩ වර්ජන සමිති කියලා කියනවා.
අන්ත අසරණ ජනයා පීඩාවට පත්කරලා ඔවුන්ගේ බදුමුදල්වලින් ජීවත්වෙන ඔබලාට සියලු සාපයන් අත්වේවා...!!! මෙය ජනයා පීඩාවට පත්කරන වෛද්‍ය හා අනෙකුත් වෘත්තීය සමිතියන්ටත් අත්වේවා..!!!