
(යොහාන් භාසුර)
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ වියළි කජු කිලෝග්‍රෑම් 50 ක් සහ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 205ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් සහ ත්‍රීරෝද රථයක් භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
කන්කසන්තුරය, අවල්සන්දි වෙරළ ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළ ප්‍රදේශයේ ඔස්සේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් තුළ මෙම තොගය සොයාගත් බවත් උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් නාවික හමුදාව කීය.
එම ත්‍රීරෝද රථයේ තිබී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන පාර්සල් 50 ක අසුරන ලද වියළි කජු කිලෝ 50 යි ග්‍රෑම් 05 ක තොගයක් සහ උර පහක අසුරන ලද වියළි ඉඟුරු කිලෝ 205 යි ග්‍රෑම් 75 ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනා සහ ත්‍රීරෝද රථය භාරයට ගත් බවත් සැකකරුවන් වයස අවුරුදු 34 ක් සහ 47 ක් වන මල්ලාකම් සහ පුත්තලම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන සැකකරුවන්, වියළි කජු තොගය, වියළි ඉඟුරු තොගය සහ ත්‍රීරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලිසිය වෙත භාරදුන් බවත් නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වියළි කජු - ඉඟුරු තොගයක් කන්කසන්තුරෙන් අල්ලයි
Banda Monday, 08 April 2024 05:48 PM
කජු කිලෝ 50ක් නාවික හමුදා භාරයට... ලැජ්ජයි...!
Saman Amarasingha Monday, 08 April 2024 05:53 PM
මොනවද අප්පා මේ විලි ලැජ්ජා නැති වැඩ? අවුරුද්දට මොනවා හරි කැවිලි ටිකක් හදාගන්න ඉන්න මිනිස්සුන්ට විකුණන්න බලාගෙන ගෙනාපු ඒවා වෙන්න ඇති. අල්ලපියව්කෝ රටට ගෙන කුඩු...!