(සුජිත් හේවාජුලිගේ)
වයස 30ට වැඩි ජනගහනයෙන් සියයට 52.3කට කොරෝනා දෙවෙනි එන්නත් මාත්‍රාව අද (27) වනවිට ලබාදී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
මීට අමතරව වයස 20ත් 30ත් අතර ජනගහනයෙන් සියයට 48.5 කට කොරෝනා පළමු එන්නත් මාත්‍රාව ඊයේ වනවිට ලබාදී තිබු බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර රට පුරා එන්නත්කරණය වේගවත් කර ඇති බවත් ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානයට පැමිණ කොරෝනා මර්දන එන්නත ලබා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් යුද හමුදාපතිවරයා පැවැසුවේය.
ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ පැවසුවේ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අප කළ විමසුමකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට බොහෝම ස්තූතියි. දැන් වඩාත් දියුණු තුන්වන මාත්‍රාවට අයදුම් කළ හැකි අතර ඉක්මනින්ම කරුණාකර !