IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ව්‍යාවස්ථා සභාවේ නියෝගය අභියෝග කළ නීතිඥයාට ලක්ෂ 20ක් ගෙවන්න වේ

(රන්ජන් කටුගම්පොළ)

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත්කිරීම ප්‍රතික්ෂේප කරමින් ව්‍යාවස්ථා  සභාව ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිඥවරයකු විසින් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කල ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 20 මුදලක් ගෙවන ලෙස එම නීතිඥවරයාට නියෝග කළේය.

නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ පහක් බැගින් ලක්ෂ 15ක මුදලක් වගඋත්තරකාර පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තිදෙනාට ගෙවන ලෙසද ඊට අමතරව තවත් රුපියල් ලක්ෂ පහක මුදලක් නඩු ගාස්තු වශයෙන් ගෙවන ලෙසද අධිකරණයෙන් නියෝග කෙරිණි.

මෙම නියෝගය ප්‍රකාශයට පත්වකරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන,  මහින්ද සමයවර්ධන සහ අචල වෙන්ගප්පුල යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

නීතිඥ සරිත් පතිරත්න මහතා විසින් ගොනුකොට තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙයි වගඋත්තරකරුවන් වශයෙන් ව්‍යාවස්ථා සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (2)

ව්‍යාවස්ථා සභාවේ නියෝගය අභියෝග කළ නීතිඥයාට ලක්ෂ 20ක් ගෙවන්න වේ

Perera Thursday, 12 December 2024 11:35 PM

මේ නීතිඥවරයා අහක යන බෝලයකට නේ පයින් ගහලා තියෙන්නේ

:       0       1

Nilmini Friday, 13 December 2024 06:44 AM

ජයවේවා ජයවේවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 606 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site