IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වියලි ආහාර මල්ලකට බෑනාගෙන් නැන්දම්මාට පිහිපහර

(ඉන්දිකා රාමනායක)

බෑණාගේ නමින් ඇති වියළි ආහාර ආධාර මල්ලක් ලබා ගැනීමට යාමේ දී ඇති වු ආරවුලක් මත බෑනා  සිය බිරිඳට සහ නැන්දම්මාට එල්ල කළ පිහි පාරකින් නැන්දම්මා මියගොස් ඇතැයි තෙරිපැහැ පොලීසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ (27) හැවිරිදි බෑනා සැඟව සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මරණකාරියගේ දියණිය සිය සැමියාගෙන් වෙන්වී මව සමග මවගේ නිවසේ ජීවත්ව සිට ඇති අතර, ආර්ථික අපහසුතා වෙනුවෙන් රජය මගින් ලබාදෙන වියලි ආහාර මල්ලක් ලබාගැනීමට තෙරිපැහැ හෙලගම ග්‍රාම නිලධාරී නිලධාරි කාර්යාලයට ගිය අඅවස්ථා වේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලීසිය කියයි.

සැකකරුගේ නමින් ඇති අධාර මල්ලක් මව සහ දියණිය ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී බෑනා සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔහු සඟවා ගෙන සිටි පිහියෙන් මවට සහ දියණියට පහර දී තුවාල සිදුකර ඇති බව පොලිසිය කියයි.

පිහිපහරින් බරපතළ තුවාල ලැබූ මව සහ දියණිය තෙරිපැහැ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව (50) හැවිරිදි මව මියගොස් ඇත.

 



අදහස් (0)

වියලි ආහාර මල්ලකට බෑනාගෙන් නැන්දම්මාට පිහිපහර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 101 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site