
(ඩයනා උදයංගනී)
නිරෝධායන ඇඳිරිනීතිය නිසා පීඩාවට පත් කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 1,000 බැගින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් බෙදාදීමට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා පියවර ගෙන ඇත.
ඔහු එම මුදල් බෙදාදීමේ කටයුතු කැලණිය, නාහේන ප්‍රදේශයෙන් අද (25) ආරම්භ කළේය.
එම මුදල් ලබාගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි අයුරු ද දැකගත හැකිවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මුලදී හිතුවේ මර්වින් සිල්වාගේ වැඩක් කියලා.
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.! නීරෝගී වේවා.
තමන් දාඩිය මහන්සියෙන් හොයපු දෙයක් මේ වගේ මොහොතක අවශ්‍යතා ඇති අයට දුන් එක ලොකු දෙයක්. හැබැයි නියාමනයක් තිබුණානන් ඉන් උපරිම ථල ලැබෙන්න තිබ්බා. මෙතන හිටිය කීයක් පිරිමි අය මේ මුදල බීමත්කමට වියදම් කරලා කොවිඩ් වාට්ටුවල සෞඛ්‍ය සේවකයන්ට හතිදාන තරමට කෘතීම ස්වසනය දෙන්න හේතු පාදකවී මිය යයිද කියන්න බැහැ. පුරුෂ ආධිපත්‍යය වැඩියෙන්ම පතුරගෙන ඉන්න මේ සමාජ පංතියෙ පිරිමි කාන්තාවට එතරම්ම බරක්. දෙදහ ගානේ දීල වුනත් කෝටි සීයක් අවශ්‍යතා සහිත අය එම ප්‍රදේශයේ සිටීම අපි අපටම රටක් ලෙස දොස්නගා ගත යුතු කරුණක් වන්නේ නාගරික දුගී භාවයට ස්ථිර විසදුම් සොයන අදහසිනි.
වන සිව්පාවුන් ඉන්නවා. මිහිපිටට දෙවියෝ ඉන්නවා. ඔබට වැඩි වැඩියෙන් ලැබෙවා . බුදු සරණයි.
කවුරුද ඇහුවේ මොනව කරල උපයපුවද කියලා. අනික මෙහෙම පෙනෙන්නට කෝටි ගණනක සල්ලි ගෙනියන්න.
1000 හේ පොකුර.
තම හිතට එකගව කෙනෙකු යමක් තව කෙනෙකුට දීම දෙලොවටම පිං රෑස්කරගැනිමකි. අප තරයේ විස්වාස කරනවා සාධාරණව දුක්මහන්සි වෙලා හරිහම්බ කල මුදල් මෙසේ නැතිබැරි මිනිසුන්ට බෙදා දෙන්නට ඇතැයි.... එලෙසම තම "දකුණු අතින් දුන් දෙය වම අතට නොදැනෙන්නට" මොහු වගබලාගන්නට ඇතැයි කියා...
අතේ සල්ලි මිටියක් තියන් 1000 ක් දෙකොට මොනවා හිතෙනවඇද්ද අතේ සතේ නැති මිනිහට?
මම හිතුවෙ මර්වින් කියලා.
මේ මුදල් මෙයා උපදිනකොට ගෙනාපුවා නෙමෙයි .අනිත් මිනිසුන්ගෙන් උපයාගත් දේවල් .යනකොට පෙට්ටියේ දාගෙන යන්නේ නැතිව ජීවත්වෙලා ඉන්නකොටම දානය දීපු එකනම් ඉතාම හොඳ වැඩක්
ඔබට බොහෝ පිං. තව තවත් ලැබේවා ..
ඔබට යහපතක්ම වේවා!!!
ප්‍රදර්ශනාත්මක ස්වරුපයෙන් අයින් වෙලා මේ වැඩේ කරන්න පුළුවන් වුනානම් ඔබ සැබෑ දානපතියෙක් සහ මහත් වු ආනිශංසයක හිමිකරුවෙක්. කොහොම වුනත් කරේ හොද වැඩක්.දීර්ගායුෂ ලැබේවා නිරෝගී වේවා
මැතිතුමනි සසර පෙරපුරුදු මේ භවයේදීත් ඉටු කිරීමට ලැබීම ගැන ඉතාමත් සතුටුයි. පින් අනුමෝදන් වේවා.
මේක තමයි ඉරිසියාව කියන්නේ. හොඳ වැඩක් දැක්කම ඉන්න බෑ
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.! නීරෝගී වේවා. ඔබට වැඩි වැඩියෙන් ලැබෙවා . බුදු සරණයි.
නැතිබැරි අයට යමක් දීම හොඳ දෙයක් සහ එය අගය කල යුතුයි. නමුත් රුපියල් දාහකින් අදවැනි කාලයක කලහැකි කෙංගෙඩියක් නැත. මොහු ඉදිරි පලාත් සභාවට තරඟ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකි. රුපියල් කෝටි දෙක හමාරක් දාහේ කොලවලින් වාහනයේ බොනට්ටුව උඩ ගොඩගසා මාධ්‍ය ප්‍රචාරයක්ද ලබාදෙමින් මේකරන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට අපහසු නැත.
ඊළඟ චන්ද අපේක්ෂකයෙක්
හැමදාම හොඳ හොඳ අදහස් පහල වෙන අපේ විපක්ෂ නායක තමාට මේ අදහස පහල නොවුනේ දුප්පතාගේ කරුමෙට. මේක දකින විපක්ෂ නායක තුමා හෙට ඉඳල හැමෝටම සමානව මාසෙකට ජීවත් විය හැකි යැයි එතුමා කල්පනා කරන ගානක් හැමෝටම බෙදනවා නියතයි. එතුමාගේ තියෙන ආර්ථික ඥාණෙට ඒ් මුදල් හොායා ගන්න විදිහකුත් ක්ෂණිකව පහල වෙයි. කවදා හරි අගමැති ජනපති වෙලා මහජනතාවට සහන දෙන්න හොද පෙර පුහ්ණුවකුත් ලබාගනියි.
මේ කොරෝන උවදුර හමුවේ බත් පතෙන් හාල් මෝල් කාරයෝ සූරාකන හැටි සීනි ව්‍යාපාරිකයෝ ජනතාව සූරාකන හැටි බලන්න.
කෝටි 500ක් වත් තියෙන්න ඕන කෝටි 2.50 දෙන්න.
මේ වගේ මිනිස්සු අපේ ජීවිතයට ඇවිත් දුෂ්කර ජීවිතයක් ගත කරන මිනිස්සුන්ට උදව් කරනවා දැකලා අපි ගොඩක් සතුටු වෙනවා.බුදු සරණ සහ දෙවි පිහිට ඔබ තුමාට හිමි වේවා
මේ වගේ සල්ලි තොගයක් ළඟතබාගෙන ප්‍රසිද්ධියේ හැසිරීම තහනම් බව කරුණාවෙන් දන්වා සිටිමු.