
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලංගම තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවළකට ඩුබායි රාජ්‍යයේ සිට හා මෙරට සිට දුරකතන ඇමතුම් ලබා දෙමින් මරණ තර්ජන සිදු කරමින් රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාශ අපරාධ මර්දන මෙහෙයුම් ඒකකය පවසයි.
එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7100 ක් පොලිස් භාරයට ගෙන ඇත
ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් ලබාදී බිය වැද්දීම හේතුවෙන් විශාල කම්පනයකට හා භීතියකට පත්ව සිටි ඔහු වැඩ බලන පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට භාරදීමෙන් පසු පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත පරීක්ෂණ ආරම්භ කළ නුගේගොඩ කොට්ඨාශය අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇත
ඒ අනුව දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවා මෙරට දුරකථන අංකයක් හඳුනා ගැනීමෙන් පසු සිදුකළ දීර්ඝ විමර්ශනයේදී පන්නල ප්‍රදේශයේ සිට දුරකථන ඇමතුම් ලබාදුන් සැකකාර පුද්ගලයා එම ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ව්‍යාපාරික යුවළ බිය ගන්වා ලක්ෂ 50 ක කප්පම් ඉල්ලලා