
(දමිත් වික්‍රමසේකර)
ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබූ අමාත්‍යාංශ ව්‍යපෘති කාර්යාල 38 ක සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් වී ඇතැයි රජයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
එලෙස මාරු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස අතර ව්‍යපෘති කාර්යාල 38 අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්ද සිටින බව එම නිලධාරියා පැවැසුවේය. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කල ව්‍යපෘති කාර්යාල 38 ඒ ඒ අමාත්‍යාංශවල පිහිටවනු ඇති බවත් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස නව පත්වීමක් ලැබෙනු තුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයේ සිටිනු ඇති බවත් එම උසස් නිලධාරියා සඳහන් කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවක අතිරික්තයක් තිබෙන බැවින් එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරී සංචිතයට අනියුක්ත කරමින් ස්ථාන මාරු කිරීමේ නියෝගයන් නිකුත් කළ බවත් ඇතැම් වෘත්තීය සමිති කාර්යාල පවා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබී ඇති බවත් එම උසස් නිලධාරියා පැවැසුවේය.
මෙහි අරමුණ රජය වියදම් ඉතිරි කර ගනිමින් අවම කාර්ය මණ්ඩලයක් යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය පවත්වාගෙන යාම බවද එම උසස් නිලධාරියා ප්‍රකාශ කළේය.
ස්ථාන මාරු කිරීමේ නියෝගයන් ලැබී ඇති එම නිලධාරී පිරිස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෙළෙඳ පහසුකම් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇති බවත් ඒ ඒ විෂයන්ට අදාළ අමාත්‍යංශ සමග සම්බන්ධීකරණය කිරීම එම නිලධාරී පිරිසේ රාජකාරිය වී ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිලධාරී සංචිතයට මාරුවීමට පෙර ඔවුන් සතුව ඇති රාජකාරී ලිපිගොනු සියල්ල එම විෂය ක්ෂේත්‍රයන්ට අදාළ අමාත්‍යංශවලට බාරදී අවසන් කරන ලෙස එම නිලධාරී පිරිසට දැනුම් දී ඇති බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එම නිලධාරී පිරිස සම්බන්ධීකරණය කළ විෂය ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපෘති කාර්යාල ඊට අදාළ අමාත්‍යාංශයන් වෙත පවරන බැවින් ඔවුන්ව ජනාධිපති ලේකම් කාර්යාලයේ රඳවා තබා ගැනීමට සාධාරණ හේතුවක් නොමැති බවද ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව ආපසු යැව්වාම ඒ තැන්වල ඉඩ මදි නම් කුලියට තැන් හොයන්න. නැතිනම් අතිරික්තය ඉවත් කරන්න සිදුවේවි..!
පරිපාලන සේවේ නිලධාරීන්ගේ අතිරික්තයක් තියෙනවා. ඒකයි නැති තනතුරු හදාගෙන ඔතනට වෙලා ඉන්නේ. පරිපාලන සේවය තමා දේශපාලකයෝ එක්ක එකතු වෙලා රට වලපල්ලට යැවුවේ.
පිනාගේ වැඩ බැරි හෙන්චයියෝ
අපේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිළධාරින් හැමදාම ඉන්නෙ හරියටම බිම් පැල ගන්න කුරුදු ඇට තවාන් කලා වගේම වුනත් කොළඹ දිස්ත්‍රික්කයේ කාර්‍යාල වල නම් එහෙම තවන්කර නැහැ කියල දැක්කා.අපේ කාර්‍යාලවල සේවාලාභීන් ගැන කිසිම සැලකීමක් නැතත් කොළඹ දිස්ත්‍රික්කයේ ක්ෂණිකව අවශ්‍යතාවය ඉටුකර ගන්න පුලුවන් .මේ ගැන වත්මන් රාජ්‍ය පරිපාලන ඇමතිගේ අවධානයට යොමුවේවා
ඒ කියන්නේ අතිරික්ත රාජ්‍ය සේවකයන් ඉහලම තලයේත් සිටින බව ඇත්ත.... මහින්ද රාජපක්‍ෂ ලොක්ක මෙතරම්ම ලොකු රාජ්‍ය සේවයක් ඇතිකලේ පින්පඩි ගෙවන්නද? නැතිනම් පෞද්ගලික අංශය එක්ක තරහටද?
මේ අය තවම අරේට මෙහේට මාරු කරකර ඉන්නවා.
දැන් ඉතින් තුනෙන් දෙකේ බලය තියෙනවනේ කිය කිය ඉන්න දෙයක් නෑ. වැඩේ කරල පෙන්වන්න. ජනතාවට ඒකයි අවශ්‍යය. ක්‍රියාත්මක වීමයි වැදගත්.