IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ව්‍යාජ කච්චේරියක් නාරාහේන්පිටින් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

රියදුරු බලපත්‍ර ඇතුළු අනකුත් ලේඛන ව්‍යාජ ලෙස සකස් කරන නාරහේන්පිට ඇල්විටිගල මාවතේ නිවසක් වටලා ව්‍යාජ රියැදුරු බලපත්‍ර සහ තවත් ලිපි ලේඛන තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු සමඟ ව්‍යාජ ලෙස සකස් කර තිබූ විවිධ පුද්ගලයන්ගේ නමට සකස් කර තිබූ ව්‍යාජ රියදුරු බලපත්‍ර 20 ක්,  බැංකු කාඩ්පත් 7 ක් , විවිධ කාඩ්පත් 11, ආදායම් බලපත්‍ර 3, පරිගණක පද්ධතියක් සිංහල ව්‍යාජ බලපත්‍ර සකස් කිරීමට යොදා ගන්නා උපකරණ පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුන ජයසුන්දර , සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහත්වරුන්ගේ උපදෙස් මත බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක පි. බි .රාජනායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදු කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල පිටුපස මෙම ව්‍යාජ ලේඛණ සකස් කරන ස්ථානය පවත්වාගෙන ගොස් තිබූ බව පොලීසිය කියයි.

දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන් තැරැව්කරුවන්ට රැවටි ඉතා ඉක්මනින් බලපත්‍ර ලබාගැනීම සඳහා දහස් ගණන් මුදල් ලබාදී මෙම ව්‍යාජ බලපත්‍ර වලට රැවටී ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන කොළඹ 5 නාරාහේන්පිට පදිංචිකරුවෙකි.

 



අදහස් (0)

ව්‍යාජ කච්චේරියක් නාරාහේන්පිටින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site