
(නිමල කොඩිතුවක්කු)
දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වය අද(9) දිනයේ සිට සුළු වශයෙන් අහිතකර මට්ටමකට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
වායු ගුණ තත්ත්ව දර්ශකය ඊයේ දිනය පුරා 100 ත් 150 ක් අතර මට්ටමක පැවති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.
මෙය සංවේදී පුද්ගලයින්ට අහිතකර මට්ටමක් වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවත් ඔහු සඳහන් කලේය.
වායු ගුණ තත්ත්ව දර්ශකය 50 ට අඩු මට්ටමක පැවතිය යුතු බවත් ප්‍රේමසිරි මහතා තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd