(සුජිත් හේවාජුලිගේ )
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කළද ඔවුන්ට ඇමැතිවරුන් ලෙස ලබාදුන් ආරක්ෂාව දිගටම ලබාදෙන බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අප පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ආරක්ෂාවේ වෙනසක් කිරීමට මෙතෙක් කිසිදු උපදෙසක් ලැබී නැති බවයි.
සාමාන්‍යයෙන් ඇමැතිවරයකුට නිල බලයෙන් හිමිවන ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන් සංඛ්‍යාව 7 කි.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය තුන්වැනිදා එම ඇමැති තනතුරුවලින් ඉවත් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ අපරාධ? මිනිසුන්ට කන්න නෑ. මොන අන්තරාවක්ද මේ දෙන්නට...?
ඒක බුද්ධිමත් මිනිස්සු දන්නවා. මේවා ඔක්කොම පවුලේ රඟපෑම්... රටට හෙණ ගැහුවත් කමක් නෑ....
ලී ක්වෑන් කලෙත් මේ විදියටම තමයි. දූෂිතයින් මුලින්ම එලෙව්වා. සර් කරන්නෙත් ඒකම කියලා හොඳටම විශ්වාසයි. කොස්සකට තියෙන්නේ ආරක්ෂාව අයින් කරපු නැති එක...
මේ දෙන්නා රජය ගැන හුඟක් මහන්සි වුණා...!
ආරක්ෂාව නොදී කොහොමද? රාජපක්සලා වෙනුවෙන් කොන්ත්‍රාත් එකක් කරන්න නේ ගියේ! අනික ඕවාට ගෙවන්නේ උන් යෑ. අනිත් ම්නිස්සුනේ.