(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජපන් ජාතිකයන් සංචාරය සඳහා යන විට වීසා ගත යුත්තේ ලෝකයේම රටවල් දෙකකින් පමණක් යැයි ද එයින් එක රටක් ශ්‍රී ලංකාව බවද පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජපනුන් විසින් සංචාරය සඳහා වීසා ගත යුතු අනෙක් රට උතුරු කොරියාව බව කී විමල් වීරවංශ මහතා සංචාරක කර්මාන්තය ගොඩනංවන්නට කතා කරන මේ මොහොතේ ජපනුන්ට ලංකාවෙි සංචාරය සඳහා වීසා ගත යුතුය යන තීරණය වත් අපට වෙනස් කරගන්නට නොහැකි වන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.
අද රට බංකොලොත් වී ඇත්තේ ණයට අරං සැපට කාල ජොලියේ ජීවත්වෙන මොඩලය නිසා බවද විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්තිය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා වාර්තා විවාදයට සහභාගී වෙමින් විමල් වීරවංශ මහතා මේ බව කීය.
COMMENTS
අද රට බංකොලොත් වී ඇත්තේ අපි එදා හැටනම ලක්ෂයේ ආශීර්වාදය ද ඇතිව ඇති කළ ණයට අරං සැපට කාල ජොලියේ ජීවත්වෙන මොඩලය නිසා බවද විමල් වීරවංශ මහතා සඳහන් කළේය යනුවෙන් නිවැරදි විය යුතුය.
ජපනුන්ට විතරක් නෙවෙයි, පිළිගැනීමක් තියෙන තව රටවල් කීපයකටම ඔහොම තමයි. නමුත් ඇත්ත කියනවා නම් ඔන්ලයින් දෙන වීසා එක ගෙවලා ගන්න එක ලොකු දෙයක් නෙවෙයි. එක හොඳ වැඩක් කරලා තියෙනවා කොවිඩ් වලට පින් සිද්ද වෙන්න, ඔන්ලයින් වීසා එක දින 180 කේ දෙනවා. ඒක හොඳ වැඩක් සංචාරකයෝ වීසා කාර්යාලයේ රස්තියාදු නොකරන එක. ඒක නෙවෙයි ප්‍රශ්නේ, කොටින්ම ලඟ සහ කෙටි දර්ශනයක් පමණක් තියෙන ඔළමොට්ටයො ටිකක් තමයි මේ තීරණ ගන්නේ. ලංකාවේ ඉපදිලා වෙන රටකට ගිහින් ඒ රටේ පුරවැසිකම ගත්ත ගමන් ලංකාවේ පුරවැසිකම අයින් කරනවා. එහෙම අයින් කරලා ද්විත්ව පුරවැසිකම ගන්න නම් රු. ලක්ෂ 4කට කිට්ටු ගානක් ගන්නවා, දැන් ඒක දෙගුණයක් කරලා. එතකොට කී දෙනෙක් ඒ අදහස අත්හැරගන්නවාද. අනික ද්විත්ව පුරවැසිකම තියෙන අනික් රටට ලංකාවේ පුරවැසිකම ප්‍රශ්ණයක් නෙවෙයි නම් ලංකාවට තියෙන ප්‍රශ්‍ණය මොකක්ද. දේශපාලනය කරන්න ඉහළ නිළධාරි තනතුරු දරන්න නොදෙන එක කමක් නැහැ. ඒත් මේ විදියට සූරාකන්න ගියාම අර රන් බිජු දාන කිකිලිගෙ කතාව වගේ වෙන්නේ කියලා මේ මොට්ටයින්ට තේරෙන්නේ නැහැ. තාම ලංකාවේ තියෙන්නේ ගල් යුගයේ නීති. මොකද ගල්වැද්දො ටිකක් තමයි නීති හදන්නේ.
අයියෝ ඔක ලොකු ප්‍රශ්ණයක නෙවෙයි විමල්
ජපන් ජාතිකයන් සංචාරය සඳහා යන විට වීසා ගත යුත්තේ ලෝකයේම රටවල් දෙකකින් පමණක් යැයි කියන කතාව සත්‍යක් නොවෙයි.
දැන් . . ජපන් සංචාරකයන්ට මෙහෙත් විසා නැතුව එන්න දෙන්න කියලද මෙයා කියන්නෙ? ලන්කවෙ අයට ජපානෙන් එහෙම ජපානෙට එන්න දෙනවද? එ ආදායමත් නැති කර ගන්න ද මෙ ලොන්තයා කියන්නෙ? ආයෝජකයො එන්නෙ නැත්තෙ වීසා නිසා නෙමෙයි. . මු ඇතුලු අනිත් පොහොට්ටු හිඟන්නො පගාව ඉල්ලපු නිසා..
නිකන් බොරු බයිලා ගහන්නේ නැතුව හිටපන්.තොපිලා තමයි මයිනා එක්ක එකතුවෙලා මේ රට විනාශ කළේ.