(මනෝප්‍රිය ගුණසේකර)

වසර 10ක කාලයක් තුළ සිය නීතී්‍යානුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විමල් වීරවංශ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතා සම්බන්ධයෙන් ඔක්තෝම්බර් 27 වැනිදා වාචික දේශන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියම කළේය.

මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෛන් වාචික දේශන ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවට විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කළ ඉල්ලීමක් සළකා බැලු විනිසුරුවරයා එලෙස නියම කළේය.

2009 ජනවාරි මස පළමුවැනිදාත් 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ අමාත්‍ය වරයකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායමට වඩා රුපියල් මිලියන 75 කට අධික මුදල් සහ වත්කම් උපයා ගත් බවට යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට මහතාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.

ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනතේ විග්‍රහ කෙරෙන ‘දුෂණය’ නමින් හඳුන්වන අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කොට ඇති බවද අල්ලස් කොමිසම දැනුම් දී ඇත.