
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පැවැත්වෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය හමුවේ අද (3) පෙනී සිටියේය.
ඔහු වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා නීතිඥවරයකු ලෙස එහි පෙනී සිටියේය.
තමා මීට පෙර කළ ප්‍රකාශයට අදාළ සියලුම ලිඛිත තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බාර දුන් බවත් බැසිල් රාජපක්ෂ මහතාගේ ඇමරිකානු දේපළ පිළිබඳ තොරතුරුද එම ලිපි ගොනුවල අඩංගු වන බවත් වීරවංශ මහතා මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
තමා දුන්නේ ඔහුගේ වත්කම් වලින් කොටසක් බවත් සෙසු දේපළ පිළිබඳව රජයට අවශ්‍ය තොරතුරු ඇමරිකාවෙන් ඉතා ඉක්මනින් ගත හැකි බවත් මන්ත්‍රීවරයා කීවේය.
“ ආණ්ඩුව බොරුවට හාල්මැස්සන් අල්ලන්නේ නැතුව නියම හොරු අල්ලන්න කියලා මම කියනවා. බැසිල් රාජපක්ෂ මහතාගේ දේපළ හොයන්න කියලත් මම ඉල්ලනවා.” වීරවංශ මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විමල් CIDයට
පිටරටවැසියා Friday, 03 January 2025 05:41 PM
ඔක්කෝටම ඉස්සෙල්ලා මෙයාගේ දේපළ වත්කම් ගැන හොයලා ඉමු.
Perera Saturday, 04 January 2025 07:10 AM
අං ගිලපු තල්මහෙක් වගේනේ...!
fairoos Saturday, 04 January 2025 11:03 AM
ඔබතුමා හාල්මැස්සෙක් කියලා දන්නවා.. ඒ වුණාට නියම හොරු නිකන්ම කොටුවෙයි.