
(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලගේම නායකයන් අද (5) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී රැස් විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, සර්වජනබලය පක්ෂයේ නායක දිල්ත් ජයවීර, දෙමළ ජාත්ක පක්ෂ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී පාර්ලිමේන්තු කටයුතු ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය.
ඉදිරියේ දී පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව එකට එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම තුළින් වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ හැකි බව එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුවේ යහපත් දේට සහය දෙනවා සේම රටට ජනතාවට හානියක් වන ඕනෑම අවස්ථාවක ඊට එරෙහිව ජනතාව වෙනුවෙන් නැගී සිටිය යුතු බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
මෙහි දී සියලු පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේ කමිටු කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කළේය.
පසුගිය ජනවාරි 29 වැනි දා ද විපක්ෂයේ පක්ෂ සියල්ලගේම නායකයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්වූ අතර මෙය එම සාකච්ඡාවේ දිගුවක් ලෙස ද හැදින්විය හැකිය.
මේ අවස්ථාව සඳහා විපක්ෂයේ පක්ෂ නායකයන් වන ගයන්ත කරුණාතිලක, ජේ.සී. අලවතුවල, අජිත් පී. පෙරේරා, රිෂාඩ් බදියුදීන්, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, රවී කරුණානායක, ජීවන් තොන්ඩමන්, සිවඥානම් ශ්‍රීදරන්, පී. සත්‍යලිංගම්, ඒ. අඩෙක්කලනාදන්, ගජේන්ද්‍රකුමාර පොන්නම්බලම්, රවුෆ් හකීම්, නසීම් කාරිඅප්පර්, වී රාධාක්‍රිෂ්ණන්, අනුරාධ ජයරත්න, ඩී. වී චානක, කාදර් මස්තාන් ඇතුළු පිරිසක් එක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැන ඉන්න වැඩි පිරිසක් මීට කලින් පාලක පක්ෂවල ක්‍රියාකාරීන් ඒ කාලේ ඔය කියන විදියේ ගැටළු දැක්කේ නැද්ද? වත්මන් පිරිස බලයට ඇවිත් තවමත් මාස කීපයයි. ඒ අයට කරන්න දෙන්න ඕනේ. නැතිව ඔවුන්ගේ කකුලින් අදින එක නොවේ... රටට ආදරය ඇති දේශපාලකයින්ගේ වගකීම. හොරකම් කරලා, හොරකම් කරලා ඇවිත් තවත් සාකච්ඡා කරනවා යළිත් හොරකම් කරන්න බලය ගන්නේ කොහොමද කියලා... ලැජ්ජයි...!
ආණ්ඩුව යහපත් දෑ කරනවිට කකුලෙන් නොඇද, අත්තනෝමතිකව රටට අයහපතක් වෙන දෑ කෙරේ යොමු වේ නම් ඊට විරුද්ධ ව එක හඬින් සිට ගැනීමට සියල්ලන් එකතුවීම හොඳ ප්‍රවණතාවයක්...
කවුද කියන්නකෝ මෙතැනින් වැඩකට ගන්න පුළුවන් එකෙක් ඉන්නේ... මුන් හොඳයි හෙනගහන කොට එළියට විසිකරන්න
හොරු ටික එක මිටට...
පංති පහ කරලා මොල හෝදලා ප්‍රෝග්‍රෑම් කරපු 3% මිනිස්සු හිතාගෙන ඉන්නේ හොරා කාපු නිසා මේ රට වැටුණා කියලා. මාලිමාවේ අලුත් ඡන්ද දායකයෝ ඒ කතාව ජනප්‍රිය නිසා කියව කියවා යනවා. පංති පහ කළාට පස්සේ ඇත්තටම හිතෙන්නේ සල්ලි තියෙන සියළුම මිනිස්සු (දේශපාලකයෝ විතරක් නෙමෙයි ව්‍යාපාරිකයෝ ධනවතුන් පාරම්පරික දේපල හිමි අය) හොරු කියලා. සමාජවාදය කියන්නේ පරිණාමවාදයට විරුද්ධ මතවාදයක්... ලෝකෙ කිසිම ශිෂ්ඨ රටක්, ශිෂ්ඨ සමාජයක් හෝමෝසේපියන් පහළ වෙච්චි තැන ඉඳලා ප්‍රජාතන්ත්‍රවාදී වුණේ නෑ. ගෝත්‍රික වහල් ම්ලේච්ඡ වැඩවසම් යුග පහුකරලා තමයි ආවේ. ඒ සමාජ ස්වභාවිකව පරිණාමය වුණා. වැරැදි හදාගත්තා. නමුත් සමාජවාදය ආපු රටවල් සියළු දේ අල කරගත්තා. ලංකාවේ ජවිපෙ සහ ශ්‍රී ලනිපය රටේ ස්වාභාවික පරිණාමය නැවැත්තුවා. පෞද්ගලික ව්‍යාපාර අඩපණ කළා. ඉවක් බවක් නැතුව රාජ්‍ය ව්‍යවසාය පිම්බුවා. චන්ද්‍රිකා මහින්ද දිනුවෙත්, අනුර දිනුවේත්, මේ දෙගොල්ලෝ රනිල්ලාගේ ආණ්ඩු පෙරළුවේත් ඔය රාජ්‍ය සේවය පාවිච්චි කරලා. මතක තියාගන්න රටේ ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය ව්‍යවසාය ඇතුළේ. සමාජවාදී නොවන දේශපාලකයින්ට බැණ බැණ පිංපඩි ගන්න රාජ්‍ය සේවකයෝ පිරිසක් නඩත්තු කරනවා...
හොර හැත්ත... ඔක්කෝම එකට එකතු වෙලා. ළඟදීම ඔක්කෝටම බඩු හම්බ වෙනවා කියලා දන්නවානේ. මෙතැනට අඩු මයිනා ප්‍රමුඛ බයියෝ ටික විතරයි. ළඟදීම උනුත් මේකට එකතු වෙයි.
ඉස්සර තරු පහේ හෝටල් වල රැස් වුනේ පින් ගොන්නු දැන් තම්ස්‍යි ගව ගාලේට යන්නේ අද හන්න අමාරුයි. මොවුන්ට තරුණ නායකයා අවංකවම එඩිතරව මල පෙරේත නම්බු නාම නැතිව වැඩ කරන හැටි දැකලා මේ වගේ වැඩකරලත් ඔබලාට ඡන්දේ නැවත ගෙනාවොත් ඒ කියන්නේ ජනතාව අන් නැති පිදුරු කන රියල් ගොන්නු රටේ මුදල් රටටයි, ජනතාවටයි එහෙම නැතිව දේවාලේ කපුවා මාර්ගයෙන් වශීකරලා වරම අරගෙන පව්ලේ අය සුරසැප ගන්න එක නෙමෙයි... ලැජ්ජා නැතිව බාරත් ඔප්පුත් කරනවා... ලෝකය වටේ ගිහින් මෙදා සැරේ වරම ගන්න දේපල සේරම ලියලා මක්කම යන්න වෙයි නඩේට...
දැන්කට්ටියම එකතුවෙලා ඉරිස් කුඩු ගහ ගන්න මී හරක් කලින් ගහ ගත්තාවගෙ ඔය ඉන්නෙ රතු කරපටියක් දාගෙන පිරුවට ඇපු තරුන ගොන් නාම්බේක් මයින් පැටොයෙක් කට්ටිය එකතුවෙලා හොෆ්හට නෙලන්න වෙන රටක මේ වගෙ උන් හිරේ එහෙම නැත්නම් ජනතාව කකුල් ෆ්හෙකෙන් ර්ල්ලලලා මුන් තාමත් රට පෙරලන්න හොර ගල් ඇහිදිනවා නික්ස්ම් කාලේ කන්නෙ නැතිව රස්සවාක් හොයා ගනිල්ලා මයිනට නම් රස්සවල් නැහැ පතාලය තමයි හරියන්නේ ඒ අතින් දක්ශයි මෝඩයට කවදාවෙනකම් මේ වගෙ රැස්වීම් තියන්නද මොකක්ද තියෙන වරද දැන් නීතිය ක්‍රියාත්මක වෙලා හොරු අල්ලනවා දුප්පත් ජනතාවට අවශ්‍ය හැසදෙයක්ම කරන්න ලෑස්තිවෙනවා. රටත් ඔලුව උස්සනවා නම් මුන්ට තියෙන අමාරුව මොකක්ද මුන්ට තියෙන්නේ තිබුණ සැප නැතිවුන එක දැන් තියෙන්නෙ උබලට ස්වීප් අරන් හුරන එක වෙන මොනවා කරන්නද ජීවිතේට නැතිවුණ සැප නැවත ලැබෙන්නෙ නැහැ එන්න එන්නම දුක කදුල ජනතාවට දුන්න දේ දැන් උබලට නුබලගේ දුක මගේ සතුටයි.
විපක්ෂයේ පරම වගකීම සහ ඉලක්කය විය යුත්තේ පවතින ආණ්ඩුව පෙරලා දමා බලය ලබාගැනීමට කටයුතු කිරීමයි. (මහින්ද රාජපක්ෂගේ වාර්තාගත ප්‍රකාශයක්)