(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂයේ එකමුතු බලවේගයක් නිර්මාණය කිරීම තම අරමුණ වුවත් විපක්ෂය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම ගැන තම බලවත් කණගාටුව පළකරන බව නියෝජ්‍ය  කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙය අර්බුදකාරී අවස්ථාවේ සටන පාවා දීමක් බවද නියෝජ්‍ය කතානායකවරයා කීය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්දයෙන් පසු අදහස් පළ කරමින් රංජිත් සියඹලාපිටිය මහතා මේ බව කීය.

අද උදෑසන වන විටත් තිබුණේ විපක්ෂයේ ද එකමුතුවෙන් මගේ නම යෝජනා කරන ස්වරූපයක්. අප විපක්ෂයට යාම අද තත්ත්වය නිසා කිසි සේත්ම  වෙනස් වන්නේ නැහැ යනුවෙන් ද  සියඹලාපිටිය මහතා කීය.