IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විපක්ෂයේ ලොක්කෙක් ප්‍රා. සහා අපේක්ෂිකාවක නම‍ට බාර් අරන්

සුජිත් හේවාජුලිගේ

විපක්ෂයේ දේශපාලන පක්ෂයක නායකයකු ද මහියංගනය රිදීමාලියද්ද නගරයේ මත්පැන් අලෙවිසලක් විවෘත කිරීමට ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.

මෙම බලපත්‍රය ලබාගෙන ඇතැයි පැවසෙන්නේ එම දේශපාලනඥයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ බිරියගේ නමට බව පැවැසේ.

එම කාන්තාව බිබිල ප්‍රාදේශීය සභා අපේක්ෂිකාවක බව ආරංචි මාර්ග සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් රිදීමාලියද්ද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති අලුකැටියාවේ සීලවංශ නාහිමියන්ගෙන් කළ විමසුමකදී උන්වහන්සේ පැවැසුවේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත්වීමෙන් මෙම මත්පැන් බලපත්‍රය ලබාදී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බවයි.

මේ පිළිබඳව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනටමත් පැමිණිලි කර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළේය.

රිදීමාලියද්ද යනු ලංකාවේ දෙවැනියට දුප්පත්ම නගරය බව පැවසූ උන්වහන්සේ මෙවැනි නගරයකට අවශ්‍ය වන්නේ ජනතාව දුප්පත්කමින් ගොඩදාන මාර්ගයක් මිස මත්පැන් අලෙවිසල් නොවන බව ද සඳහන් කළේය.

 



අදහස් (4)

විපක්ෂයේ ලොක්කෙක් ප්‍රා. සහා අපේක්ෂිකාවක නම‍ට බාර් අරන්

Perera Wednesday, 01 May 2024 05:26 AM

ඕකුන්ගේ නම් එළිකරන්නේ නැත්නම් ඔය කියන විපක්ෂේ සියලුම එවුන්ටයි ආණ්ඩු පක්ෂේ සියලුම එවුන්ටයි කිසිම චන්දයක් දෙන්න එපා

:       1       10

kumara Wednesday, 01 May 2024 06:58 AM

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂකයන් සහ ඒ අයගේ පවුලේ අයගේ ගිණුම් වලට සල්ලි ගිය බව සුපතල රහසක්. කොහෙද ඉතින්, ඒ මිනිස්සුත් බයේ රස්සාවල් වලින් අස් වෙනවානේ. උනු නිසා බොන්නත් බෑ කිරි නිසා අහක දාන්නත් බෑ. ගුඩ් ලක් ස්වීට් හාට්!

:       2       4

සෙනෙවිරත්න Wednesday, 01 May 2024 04:45 PM

මාලිමාවේ වෙන්න ඕනෑ, මොකද අනිත් පක්ෂ දෙක තුනම බෝසත්වරු ඉන්න පක්ෂ.., උන්නැහැලා මහජනතාව ගැන නිතර හිතන අය...!

:       1       4

Chandana Thursday, 02 May 2024 10:07 AM

මාලිමාව ගැන දන්නෝ දනිති ,මේ රට මෙතන තිබීමට මාලිමාවත් වග කිව යුතුයි .රටේ ගිනි තැබූ ට්‍රාන්ස්ෆෝමර් සහ රජයේ වාහන වලට

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site