IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විපක්ෂය බලා ඉන්නෙ මිනිස්සු කබලෙන් ලිපට වැටෙන තුරු

(අංජුල මහික වීරරත්න)

ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි  විපක්ෂයේ සිහින මෙවර අයවැයෙන් බොඳ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී   නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පැවසීය. 

ජනතාවට සහන ලබා දීම පමණක් නොව සහන ලබා දෙන්නේ කෙසේද යන්නත් පෙන්වා දී තිබෙන මෙවර අයවැය නිසැකයෙන්ම වැඩි ඡන්දයෙන් සම්මත වන බවද ඒ මහතා අවධාරණය කළේය. 

නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ලබන වසර මැතිවරණ වසරක් ලෙස ජනපති සඳහන් කර තිබෙන බව කී මන්ත්‍රීවරයා මැතිවරණ සඳහා මුදල් නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා ඇති නමුත් ආර්ථික ස්ථාවරත්වය  සමඟ මැතිවරණ පැවැත්විය හැකි වාතාවරණයක්  නිර්මාණය වන බව විශ්වාසයැයි කීය.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් අදාළ මැතිවරණ නියමිත වෙලාවට පවත්වනු ඇති බවද දොලවත්ත මහතා සඳහන් කළේය.



අදහස් (7)

විපක්ෂය බලා ඉන්නෙ මිනිස්සු කබලෙන් ලිපට වැටෙන තුරු

Bamunuarachchi Monday, 20 November 2023 10:03 PM

කව්ද මේ කියන්නේ? නීතිඥ හාදයෙක්. නීතිඥ කියන උපශීර්ෂය අහනකොටම එපා වෙනවා.

:       0       2

Perera Monday, 20 November 2023 11:50 PM

ලිපට වැටෙන්න දෙයක් නැහැ ,ආණ්ඩුව මිනිස්සුන්ව ලිපට දාලා ඉවරයි

:       0       0

Rata Perata Tuesday, 21 November 2023 12:00 AM

කවුද මේ මනුස්සයා ?කොහෙන් ද ආවේ ?

:       0       0

Asanga Tuesday, 21 November 2023 09:05 AM

මෙයා ඇත්තටම කතා කරන්නේ ලංකාවේ අය වැය ගැනද​?

:       0       3

wedage Tuesday, 21 November 2023 09:46 AM

ඔය ගැන හාැමොම දන්නව ඔය බලාගෙනෙ ඉන්නෙත් කියක් හරි කඩාගන්නෙ නෑ

:       0       4

C.K.Lankaputhra Tuesday, 21 November 2023 11:35 AM

මේ කියන උන් කරන්නේ රටේ මිනිස්සු කබලට දාල ගිනි පිඹ්න එක.

:       0       2

ගමේ එකාලා Tuesday, 21 November 2023 01:36 PM

අමුතුවෙන් කියලා වැටෙන්ඩ දෙයක් නැහැ.බලලෝබි බඩගොස්තරවාදි දුශිත පවුල් පාලනේ උන්ගේ ආසියාවේ ආශ්චර්යය ,සවුබාග්‍යයේ දැක්මට රැවටුනු ජනතාවට මහපාරට වැටෙන්ඩයි සිද්ද උනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site