(ප්‍රේමතිලක පෙරමුණ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුරලිය කඹුරාවල ප්‍රදේශයේ දි අද පැවැති සමගි ජන බලවේග රැළියක් සඳහා සහභාගීවීමට පෙළපාලියක ගමන් කරමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් මහමග ඇද වැටී මිය ගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසයි
මෙසේ මරණයට පත්ව ඇත්තේ වලල්ලාවිට යගිරල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් බවද, බදුරලිය බෝගහ හන්දියේ සිට රැළිය පැවැත්වෙන ස්ථානයට පැමිණීමට සංවිධානය කර තිබුණු පෙළපාලියක මෙම කාන්තාව ගමන් කරමින් සිටියදී කඹුරාවල පාසල ඉදිරිපිට මහමග ඇද වැටී ඇතැයි බදුරලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්රුක් කොළඹගේ මහතා පවසයි.
1990 සුවසැරිය ගිලන් රථයක් කැඳවා එම කාන්තාව බදුරලිය රෝහලට යැවීමට කටයුතු කර ඇති අතර, එහිදී කාන්තාව මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙම වයෝවෘද්ධ කාන්තාව යම් අසනීප තත්වයක් සදහා ප්‍රථිකාර ගනිමින් සිට ඇතැයිද ඒ සම්බන්ධ, වෛද්‍ය නිර්දේශ සහිත ලිපි ලේඛන ද ඇය සතුව තිබී ඇතැයි බදුරලිය ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසක අය පෙළපාලි වලට ගේන එවුන් මේවට වග කියන්න ඕන .