
(අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ සියලු පක්ෂ ඉදිරි මහ මැතිවරණයේදී එක ලකුණක් යටතේ තරග කිරීම සම්බන්ධ සාකච්ඡා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී අද (26) පැවැත්විණි.
මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට සහාය දුන් පොදුජන පෙරමුණේ කණ්ඩායම් මෙන්ම එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් අතර අද දවස පුරා වරින් වර මෙම සාකච්ඡා පැවැත්විණි.
මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසූයේ මහ මැතිවරණයේදී එක්ව තරග කිරීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා ධනාත්මක තත්ත්වයක පවතින බවයි.
සියලු දෙනා එක්ව මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව තම ඒකමතික අදහස බවද ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.
පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා පැවසූයේ එක කණ්ඩායමක් ලෙස මැතිවරණයට ඉල්ලීම ස්ථිර නමුත් පක්ෂය සහ ලාංඡනය ඉදිරියේදී තීරණය කරන බවයි.
මෙම සාකච්ඡා සඳහා හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුද එක්සත් ජාතික පක්ෂ නියෝජනායක රුවන් විජයවර්ධන මහතා ප්‍රමුඛ එජාප නිලධාරීහු ද සහභාගී වූහ.
COMMENTS
ජන්ද නාම ලේඛනය හදන කොට තමයි හොද හොද සෙල්ලම් බලන්න පුළුවන්
වරෙව් වරෙව්
හිටපු ජනාධිපතිවරයා මැතිවරණ සදහා ඉදිරිපත් නොවනා බව ප්‍රකාශ කර ඇත. එසේ උවත් විපක්ෂයේ සියලු පක්ෂ ඉදිරි මහ මැතිවරණයේ දී එක ලකුණක් යටතේ තරග කිරීම හෝ වෙන්වෙන්ව තරග කලත් සිදුවන්නේ ජනතාවගේ දැඩි ප්‍රතික්ෂේප වීමකට ලක්වනු ඇත.
බලලෝභී, බඩගෝස්තරවාදී, කාලකන්නි, දූෂිත දේශපාලුවන් සෙට් එකම එකට එකතුවෙලා එන්න හිතාගෙන ඇති... ජනතාව නිවැරැදි, බුද්ධිමත් තීරණයක් ගනීවි...!
රනිල්ගේ ප්‍රභලම ගෝලයින් දෙදෙනෙක් නැවතත් සජිත් ප්‍රේමදාස සමඟ එක්වෙයි, (මාධ්‍ය) සජිත් සමග එක්නොවී මේ ප්‍රකාශය කළහැකිව තිබුණත් සජිත් සමග එක්වීමෙන් පසු මොවුන් දෙදෙනා මාධ්‍ය සකච්ඡාවක් පවත්වා කියා සිටියේ රනිල් සහ සජිත් අනිවාර්යයෙන්ම එකතු විය යුතු බවකි. ලංකාවේ අවිනිශ්චිත දේශපාලන තත්වයන් නිසා මේ වනවිට දේශපාලකයින් කරන්නේ මොනවාද කියන්නේ මොනවාද සිටින්නේ කොතැනද යන්න පවා අමතකව ගොස් ඇත...
හොරු ඔක්කොම එකට එන්න හදන්නේ ඔවුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරගන්න මිසක් රටට ආදරේට නොවේ...
රට කාපු තක්කඩි, කාලකන්ණි අපතයින්... ඉදිරි මැතිවරණයේදී අකා-මකා, හැඳි ගෑවී, අසුචි ගෑවිලාම පලයව්...
පැමිණි සියලු දෙනා ජනපති අනුර සහන මල්ල ලෙහන අතරේ කොළඹ මල් පාරේ විශාල වශයෙන් ජලය අපතේ ගලායාමක් පෙනේ...
ලැජ්ජා නැද්ද යකෝ? සංධාන ගතවෙලා නුඹලා ආයෙත් බලයට ඇවිත් අපිව කන්නද හදන්නේ?
බලයෙ ඉන්න කාලනේ ඕවා කල්පනා කරන්න තිබුණේ. ආවත් කරන්නේ සුපුරුදු හොරකමමනේ. මිනිසුන්ගේ බදු සල්ලිවලින් මුන් සුර සැපනෙ විදලා තියෙන්නේ.
වරෙල්ලා එකට තියලා තමයි අපි දෙන්නේ
225ම හොරු කියා කියා මිනිස්සු කැගැහුවට ඔය විසිරවපු පාර්ලිමේන්තුවේත් අනුර, විජිත , හරිනි වගේම තවත් හොඳ මිනිස්සු ටික දෙනෙකුත් හිටියා . පක්ෂය කුමක් වුවත් හොරු නොවන අය තෝරා යැවීම ජනතාව විසින් කළ යුත්තක්. ශක්තිමත් විපක්ෂයක් පැවතීම අපි වැනි රටකට අත්‍යවශ්‍ය දෙයක් බව බොහෝ අය දන්නේ නැහැ . අනික රජයේ සේවකයින් අතුරින් බහුතරක් විසින් රටට සිදුකර ඇති පාඩුව බැලුවොත් එය ඔය 225 විසින් කාලයයි කියන පාඩුවට වඩා වැඩියි . නමුත් විහිලුව කියන්නේ මේ අයගෙන් සමහරුත් හොරකම් හා වංචා විවේචනය කිරීමයි .
මුන්ට නම් මොලේ කළදක් නැහැ. අකුලන් යන්න දීලත් තනි තනියෙන් ඇවිත් දැන් රොත්තම එකට එකතුවෙලා ජනතාව අන්දන්න එනවා. මිනිසුන්ට කන්න බොන්න නැති වේලාවේ මේක දුෂ්කරම කාලයක් කිය කිය බඩු වැඩිකෙරුවා. ඉන්ධන නැති වේලාවේ මේ රජයේ වාහන එකක් හරි නතර කරන්න බැලුවද කාලකන්නි. ජනතාවට ගින්දර දිදි හොදට. සැප වින්දා.
හුණු වටයේ කථාව ඉවර කරලා , අරාබි නිසොල්ලාසය පටන් ගන්නයි යන්නේ. එතකොට අලිබබා වෙන්නෙ කවුද?
කුහක කමයි, බලලෝබි කමයි ඊර්ශ්‍යාවයි, තමයි ඔය කතා කරන්නේ.ඔය කියන සන්ධානවල හිටපු අයනේ ඔය හැමෝම.....එයාලා කරන්නෙත් නැහැ කරන කෙනෙක්ට කරන්න දෙන්නෙත් නැහැ.දැන් බලන්නේ මේක කඩා කප්පල් කරන්නේ කොහොමද කියලා.
පක්ෂයේ නම එක්සත් චෞර සංධානය කියලා දාගන්න, ලාංඡනයට කළු පාට මුහුණ ආවරණයයි ඊට යටින් කතිරයක් හැඩයට පිහි දෙකක් ඇඳ ගන්න.
රනිල් සීයා කිවුවේ, දේශපාලුවන්ට එන්නේ නෑ කියලනේ, එතකොට මේ මොකද කරන්නේ????
මුන් එක්වෙන්නේ රට පරද්දන්න බව මතක තියාගෙන ,,,රට දිනන ,මාලිමාවට චන්දය නොදුන් සේම එක්ව රට ගැන සිතා චන්දය දෙමු .නැත්නම් ඉතින් අබ සරණ තමා අපේ රටට
හොරු ටික එකතු වෙන්න යන්නේ
කොහොම සන්දාන ගතවෙලා ආවත් රටම වළපල්ලට ඇදලාදාපු කිසිම දූෂිත දේසපාලුවෙකුට චන්දේ නම් ලැබෙන එකක් නැහැ .
රනිල්, හොරුන්ගේ නායකයා...