මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කළේ තමන් විපක්ෂ නායක ධුරයෙන් ඉවත් නොකර බැවින් මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරුන් දෙදෙනකු සිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එම අවස්ථාවේ තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සම්පන්දන් මහතා ඉල්ලා සිටි අතර ඒ අනුව සම්පන්දන් මහතාට එම ප්‍රකාශය කිරීමට අවස්ථාව ලැබිණි.
ආර් සම්පන්දන් මහතා ප්‍රකාශ කළේ විපක්ෂ නායක ලෙස ඊයේ නම් කළ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ද නොවන බවයි. ඒ මහතා මෙසේ ද කීවේය.
‘‘2015 වසරේදී මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට පසු දෙවැනියට වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාවක් සිටින පක්ෂය හැටියේ නායකයා හැටියට ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකයා හැටියට මා විපක්ෂ නායක ලෙස පත් කරන බව කතානායකතුමා නිවේදනය කළා. මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළ දැනුම්දීමක් මත කතානායකතුමා ඊයේ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහත්මයා විපක්ෂ නායක ලෙස පිළිගන්නා බව කිව්වා. කතානායකතුමා මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කළේ මම විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරමින් සිටියදීමයි. මාව විපක්ෂ නායක කමින් ඉවත් කළේ නෑ. ඒ අනුව මේ පාර්ලිමේන්තුවේ දැන් විපක්ෂ නායකවරුන් දෙදෙනෙක් සිටිනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. ඒ මහතා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ද වෙනවා. ඒ වගේම අමාත්‍ය ධුර තුනක් දරනවා. එසේ තිබිය දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකු විපක්ෂ නායක ලෙස පත් කර තිබෙනවා.
ඔක්තෝබර් 26 වැනි දා සිට රටේ සිදුවීම් රැසක් වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා.
තවම ඇමැති මණ්ඩලය පත් කරලා නෑ. ආණ්ඩුව හරියට ස්ථාපිත වෙලා නෑ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ආණ්ඩු පක්ෂයේ ඇවිත් අසුන් ගත්තා. එසේ තිබියදී තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස නම් කරලා තිබෙන්නේ.
ඒ වගේම විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස නම් කළ මන්ත්‍රීවරයා සැබෑ ලෙසම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු නොවේ. ඊට ඔහු ශ්‍රීලනිපයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙක් නොවෙයි. ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි විය යුතුයි.
මේ රට අසාර්ථක රාජ්‍යයක් කරා පියමං කරනවාද කියලා ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. නොබෙදුණු, බෙදිය නොහැකි ශ්‍රී ලංකාවක් තුල අපට එකට ජීවත් වෙන්න ඕනෑ.‘‘
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් -
‘‘මම පුවත්පත් වාර්තා තුනක් සභා ගත කරනවා. මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා අවස්ථාවේ ඡායාරූප ඒවායේ පළවී තිබෙනවා. ඔවුන් එහි සාමාජිකත්වය අරගෙත තිබෙන්නේ නොවැම්බර් 11 වැනි දා. පාර්ලිමේන්තුව ව්‍යාජ විසිරුවා හැරීමෙන් දින දෙකකට පසුවයි. ඊට පෙර පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තා නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි වන බව ඔවුන් දැනගෙන හිටියා. ‘‘
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්
‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) (අ) වගන්තිය අනුව මන්ත්‍රී ධුරය අහෝසිවීමට බලපාන කරුණු තුනක් සඳහන් වෙනවා. ඒ එකක් වත් වෙලා නෑ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ බව දැනුම් දීලා නෑ. අනිත් කාරණය තමයි ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ කිසිම තැනක නෑ වෙනත් පක්ෂයකට ගියා කියලා සාමාජිකත්වය අහෝසි වන බව. පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්නේ විනය කමිටුවක් පවත්වා එහි තීරණය මධ්‍යම කාරක සභාවෙන් අනුමත කළවිටයි. එහෙම දෙයක් වෙලා නෑ. කතානායකතුමා ගත් තීරණය ඉතාමත් නිවැරදියි. ‘‘
(36698)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහේ ඕක දීලා දාන්න සම්බන්ධන් මහත්තයෝ. ඔබතුමා තනතුරු පස්සේ එලවපු කෙනෙක් නෙවෙයිනේ.
පුදුම දෙයක්. පුංචිම පුංචි එකම එක රටක්. අගමැතිවරු දෙදෙනෙක් හිටියා. දැන් තවත් කොලමක්. විපක්ෂ නායකලා දෙදෙනෙක්. අනේ රටකට ගිය කලක්. මහින්ද මේකත් ඇන ගනීවි වගේ.
අන්න එහෙම තමයි ඉන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ආණ්ඩුවයි විපක්ෂයි දෙකම ආණ්ඩුවෙන්ම පත් කරගන්න එක තමයි. අවුරුදු තුන හමාරක් තිස්සේ කලෙත් ඕකම තමයි. හැබැයි සිවිල් සංවිදාන එතකොට නිදාගෙන හිටියේ. තමන්ට ඕන විදිහට අණ පනත්, ව්‍යවස්ථා සම්මත කරගන්න පුළුවන් වෙන්නෙත් එතකොට තමයි. මහා ජාතියට මෙහෙම වෙලා මදි
ගන්න ගන්න ඔක්කොම අරන් රටත් ගන්න ලේසියි දැන්...
මහින්දට විපක්ෂ නායක කම ගන්නම් ජනපතිගේ යටතේ තියන අමාත්‍යංශ පාර්ලිමේන්තුවට පවරන්න කියන්න නැතිනම් වහාම උසාවිය හමුවේ නඩුවක් ගොනුකර මේ ප්‍රශ්නය ඉක්මනින් විසදා ගන්න කතානායක තුමා මේ ගැන ඉක්මනින් කටයුතු කරයි කියලා.
මේවා කවදද ඉවර වෙන්නේ.
ජාතිවාදය වපුරා බලයට එන්න දඟලන පාලකයින්ට අවසානයේ අත්වෙන ඉරණම තමයි, අවසානයේ සුළු ජාතික නායකයින්ටත් යට වෙන්නට සිදුවීම. එකම රටක එකට හිඳගෙන දේශපාලනය ජාති බේදයකින් තොරව, උතුරත්, දකුණත් කියන දේ වෙනුවට, ඒකීය රටක් එකට සිට, එකා මෙන් කැපවීමෙන් සංවර්ධනය කරන්නයි සැවොම අධිෂ්ඨාන කර ගත යුත්තේ. යුද්ධයෙන් පසුව මේ රටේ නුගත් මිලේච්ජ මෝඩයින්ගේ ගෝත්‍රිකවාදී, ජාතිවාදය අවුළුවා මේ රට ගිනි තියලා ජීවිතකාලයටම බලයේ සිටීමට උත්සහ කරන්නේ කවුද කියන එක මේ රටේ ජනතාව පමණක් නොවේ, ලෝකයම දන්නවා.
අනේ මේ.... හැම එකටම හොට දාන්නේ නැතුව හිටියා නම් ගොඩක් වටිනවා. ඔබලා වැඩිපුරම කරන්නේ ජනතාව කොටවන එකනේ...
අන්තෝ ජටා බහි ජටා.
ජනාධිපති කතාවක් මෙතනට අදාල නැහැ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය වෙන්නේ ආණ්ඩු පක්ෂය නියෝජනය නොකරන කණ්ඩායම්වලින් බහුතර කණ්ඩායම් නායකයා විපක්ෂ නායකයා වීමයි. මේ ජනාධිපති තේරී පත්වුණේ “හංසයා“ ලකුණ යටතේ. පාර්ලිමේන්තු බහුතර විපක්ෂ කණ්ඩායම තේරී පත්වුණේ “බුලත් කොළය“ ලකුණින්. ඊළඟට දෙමළ සන්ධානය කියන්නේ වත්මන් අගමැතිවරයාට විශ්වාසය පළ කිරීමේ නිල හෝ නොනිල යෝජනාවකට සෘජුවම ඡන්දය ප්‍රකාශ කළ කණ්ඩායමක්... ඉතින් මහින්ද හෝ එජනිස කණ්ඩායම් නායකයාට හෝ විපක්ෂ නායක ධුරය ලැබීමට තවත් මොන සුදුසුකමද අඩු..?
ඕක මොකද්ද? අගමැතිවරු දෙන්නෙකුයි, ඇමති මණ්ඩල දෙකකුයි තිබ්බේ...
අත්තටම දිනේෂ් මේ රට වෙනුවෙන් මොනවද කළේ? සාම්ප්‍රාදායික දේශපාලකයින්... පාරට තාර දාන එක දේශපාලනය නෙමෙයි..
හරියටම බැලුවොත් පොහොට්ටුවේ කට්ටියට පාර්ලිමේන්තුවේ ඉන්නවත් අයිතියක් නැහැ. මොකද පොහොට්ටුව පාර්ලිමේන්තු මැතිවරණයකින් දිනලා ආපු පක්ෂයක් නොවන නිසා.... මොන වෙලාවේ ඡන්දේ තිබ්බත් පොහොට්ටුව බහුතරේ එක්ක දිනනවා. ඉතින් ජනතා විශ්වාසය දිනාගන්න තියන ලේසිම ක්‍රමය තමයි පොහොට්ටුවේ අය පාර්ලිමේන්තු මන්ත්‍රීකම්වලින් ඉල්ලා අස් වෙන එක... ලබන අවුරුද්දේ ඡන්දෙන් තමන්ගේම ජනාධිපතිවරයෙක් සහ බහුතරෙන් තමන්ගේම ආණ්ඩුවක් හදාගෙන ලේසියෙන් බලේ ලබාගන්න පුළුවන්. ජනතාව ගැන විශ්වාසේ තියන්න මහත්වරුනි, එහාට මෙහාට පනින ගෙම්බන් ගැන නෙමේ...
දේශද්‍රෝහී පරගැති රනිල් ඇතුළු නඩය මේ රට විනාශ කරන්නේ සම්බන්ධන්ලා සහ ජ.වි.ප. ය ඇතුළු එන්.ජී.ඕ. පිරිසයි. එ්කට තමයි නටන්නේ...
පාර්ලිමේන්තුවත් මූලික මිනිස් අයිතිවාසිකම් කඩලා නඩුවක් ගොනු කරන්න මේ දෙන්නාගෙන් එක් අයකුගේ මූලික අයිතිවාසිකම් කැඩිලා කියලා නඩුවක් ගොනු කරන්න. එතකොට කවුද ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදය කැඩුවේ කවුද කියලා බොහොම හොඳට බලාගත හැකියි. වන්ෂොට් අයියගෙ තීන්දුව අනුව සම්පන්දන් දිනනු අැත...
මට ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ අලුතෙන් දිවුරුම් දුන්නා නම් කැබිනට් එක අලුතෙන් පත් කරනවා නම් සභානායක අලුතෙන් පත්කරානම් විපක්ෂ නායක අලුතෙන් පත් කරනවා නම්, සම්බන්ධන් කොහොමද විපක්ෂ නායකයා වෙන්නේ...? කතානායක කොහොමද කතානායක පුටුවේ ඉන්නේ...?
Nissanka, ඔබතුමාලා සම්බන්ධන්ට ඕහොම කඩේ යන්න එපා. ඔයගොල්ලො වගේ අය ඉන්නකම් මේ ගොල්ලන්ටයි, අලි පැටවුන්ටයි පැවැත්මක් තියෙනවා...
සුමන්තිරන් තමයි දැන් ඔක්කොම දන්නා මහදැනමුත්තා වෙලා තියෙන්නේ... එයාගෙන් අහලා තමයි දැන් හැම දේම කරන්න වෙන්නේ...
කලින් අගැමති පලහිලව්වක් නිසා විශාල අවුලක් උනා රටේ. දැන් විපක්ෂ නායක අවුලක්. මෙම පත්වීම් හිතුමතේට වෙනවවද නැත්තම් ව්‍යවස්ථාවට අනුව කරනවද කියලා පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
කතානායකතුමා දැන් හොඳයි කියන්නේ...
ඔක්කෝම එක් වෙලා කරන්න හදන්නෙ රටේ 3 න් වෙනි කැරෑල්ලකට ජනතාව පෙලබවීමයි
"නොබෙදුණු, බෙදිය නොහැකි ශ්‍රී ලංකාවක් තුළ අපට එකට ජීවත් වෙන්න ඕනෑ" ශ්‍රී ලාංකිකයන්ට ඉතා වටිනා ප්‍රකාශයක්. බෙදීම කාගේ අවශ්‍යතාවයක්ද? කාගේ යැපීමටද?
උසාවියට ගියේ විපක්ෂ නායක ප්‍රශ්නයක් මත නොවේ කියා... පළමුව මෝඩ කමෙන්ට් දමන අයට මතක් කරමි. ඒ හොර අගමැති ඇතුළු අනුගාමිකයින්ට එරෙහිවයි. දැන් උසාවිය තීන්දුව දුන්නා. කතානායක නව විපක්ෂ නායකයෙක් පිළිගත්තේ මොන කෙන්ගෙඩියකටද? තෝරාපත් කරගන්නා ලද විපක්ෂ නායකවරයෙක් සිටිද්දී... අනෙක් කරුණ ඔවුන් බලෙන් ඉල්ලන ඉල්ලන තනතුරු දෙන්න කියලද කියන්නේ? අපිට විශ්වාසයි කතානායකගේ ඉදිරි තීන්දුව ඒ පරිණත සම්බන්ධන්ම තමයි කියා..
සම්පන්තන්, අපිට විපක්ෂ නායකයෙක් උවමනා කොරන්නේ පවතින ආණ්ඩුව කොරන වැරදි දූෂණ රටට ජනතාවට පෙන්වාදීමයි. නැතුව තමන්ගේ වාසියට රජයට පන්දම් ඇල්ලීමට නොවෙයි. ඔබ මේ අවුරුදු 4 ට ඔබේ රාජකාරිය කලේ නැත. කලේ රටේ කොඳුනාරටිය වන මහබැංකුව කොල්ලාකනවිට නොදැක්කාසේ සිටීමයි.