ඉන්දීය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරුණු රාහුල් ගාන්ධි විපක්ෂ නායක ධුරයට සුදුසු යැයි රාහුල්ගේ කොංග්‍රස් පක්ෂයේ ක්‍රියාකාරී කමිටුව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රසය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ඉන්දියාවේ සියලු විපක්ෂ දේශපාලන කණ්ඩායම් හවුල් කර ගනිමින් 'ඉන්දියා' යන නමින් නම් කළ විපක්ෂ සන්ධානයෙනි.
මෙවර මහ මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය තනිවම ආසන 100 ක් දිනා ගත්තේය. එය කොංග්‍රස් පක්ෂය ලැබූ විශාල ජයග්‍රහණයකි. 2019 මහ මැතිවරණයේ දී කොංග්‍රස් පක්ෂයට තනිව හිමි වූයේ ආසන 52 ක් පමණි.
රාහුල් ගාන්ධි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ රායිබරේලි සහ කේරළයේ වයනාද් යන ආසන නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක් සභාවට ඉදිරිපත් වුණු අතර, ඔහු ඔහුගේ ආසන පහසුවෙන් ජයග්‍රහණය කළේය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විපක්ෂ නායකයා රාහුල් ගාන්ධි ?