
(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක ලේකම්වරයා ලෙස නීතිඥ රවි ජයවර්ධන මහතා විපක්ෂ නායක කාර්යාලයේදී වැඩ භාරගත්තේය.
කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියෙක් වන ජයවර්ධන මහතා එංගලන්තයේ ලැංකෂයර් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.
ඔහු කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
අවස්ථා කිහිපයකදී විවිධ ආයතනවල සභාපති ධූර දරා ඇති ඒ මහතා ජාතික රූපවාහිනී ආයතනයේ සභාපති ලෙස කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කළේය.
මූල්‍ය හා පරිපාලනය දැඩි අර්බුදකාරී තත්ත්වයක තිබූ රූපවාහිනි සංස්ථාව ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට රවී ජයවර්ධන මහතා සමත් විය.
රවි ජයවර්ධන මහතා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති වශයෙන් ද කටයුතු කළ අතර බන්ධනාගාර කොමසාරිස් තනතුරේහිද සේවය කර ඇත.
සිවිල් සංවිධාන රැසක ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කර ඇති ඒ මහතා ප්‍රජාතන්ත්‍රවාදය, සිවිල් අයිතිවාසිකම් සහ සමාජ සාධාරණත්වය වැනි ක්ශේත්‍ර පිළිබඳව සිය සක්‍රීය මැදිහත්වීම සිදුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා මනුස්සයෙක්, කුණු ගොඩකට කරගහන්නයි යන්නේ.
අභියෝග බාරගෙන ඉදිරියටම යන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...!!! එය මගේ පැතුමයි... ස්තුතියි...