අජන්ත කුමාර අගලකඩ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස නම් කිරිමට එක්සත් ජනතා මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (18) පැවැති එක්සත් ජනතා සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේ දී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමා ඇතුළු සියලු දෙනා ඒකම තීරණයක ඉන්න..
කාටද ආඩම්බර?
පහුගිය වසර 3 ක කාලය පුරාම මේ රටේ නිල විපක්ෂයක් තිබුනේ නෑ .. අද ඉදන් නිල විපක්ෂය ක්‍රියාකාරී වේවි....
හොඳ ආරම්භයක්...... අනාගතය සුභයි...... බහුතරය අත ලඟ.... ඔහොම යමු...
ඒකත් දරපු අගමැති ධුරය වගේ කෙටි කාලයකටද දන්න නැහැ. මොකද්ද දැනටමත් පොහොට්ටුවේ සාමාජිකත්වය අරන්. නීතිමය කටයුතු කලොත් මන්ත්‍රී ධුරයත් අහෝසි වෙන්න පුළුවන්.
හොඳ නැකතකට වැඩ බාරගත්තානම් දිගටම විපක්ෂනායකකමේ ඉන්න පුළුවන්.
විපක්ෂ නායක දුරය එක එක්කෙනාට හා කණ්ඩායම් වලට ඕනේ විදිහට පත් කරන්න බැහැ ජනපතිගේ බලය තිබුන පලියට ඔහු එම කණඩායමට සහයෝගය දැක්වූ පමණට එය පත් කරන්න බැහැ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 41 (අ) 1 යටතේ උප ලේඛන කාණ්ඩ ඇ, ඈ,ඉ සහ ඊ, පෙන්වා දී ඇති ආකාරයට ඇ,පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂයේ නායකවරයා ඈ, ජනාදිපතිවරයා විසින් පත් කරනු ලැබියයුතු එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉ,අග්‍රාමාත්‍ය වරයා සහා විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනා ම නාමයෝජනා කිරීම මත ජනපතිවරයා විසින් පත් කරනු ලබිය යුතු වුවද,දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විය යුතු වුවද, තැනැත්තන් පස්දෙනෙක් ; සහ ඊ,අග්‍රාමාත්‍ය වරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා අයත් දේසපාලන පක්ෂය හෝ ස්වාදීන කණ්ඩායම හෝ නොවන පාර්ලිමේන්තුවේ නියෝජනය ඇති අනෙකුත් දේසපාලන පක්ෂවල සහ ස්වාදීන කණ්ඩායමවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතර එකගත්වය මත නාම යෝජනා කොට ජනාදිපතිවරයා විසින් පත් කරනු ලබන එක් මන්ත්‍රීවරයෙක්. මේ නීතිමය පටිපාටියට පිටින් ජනපතිට ඕනේ කෙනෙක් කණ්ඩායම් වල ඉල්ලිම පරිදි පත් කල නොහැක තවද පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂයක සාමාජිකයෙකුට කෙසේවත් විරුද්ධ පක්ෂයේ නායක නොවිය යුතය
ජනාධිපකි උනත්, අගමැති උනත් විපක්ෂ නායක උනත් නැතත් අපිට වැඩක් නැහැ. එතුමත් එක්ක අපි දෙපයින් හිට ගන්නවා. ඔහොම යං ඡන්දයක් එනකම්
කන්දක් විළිලා මී පැටියෙක් වැදුවා වගේ. "මට මේ විපක්ෂ නායකකම් ලොකු නැහැ" කියලනම් කියන්න එපා. උන්නු හැටියට මලා මදැයි.
රට දැය වෙනුවෙන් කැපවූ, අපේ විපක්ෂ නායකතුමාට ජයවේවා!! නැවත වරක් අපේ රටේ අනාගතය සුරක්ෂිත කරන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඉතා හොඳ තීරණයක්
තනතුරු තණ්හාව මිසක වෙන දෙයක් පේන්නෙ නැහැනෙ මෙතුමන්ලගෙ. දෙයියන්නෙ නාමෙන් රට කරගෙන යන්න ඉඩදෙන්න. තවත් රට අරාජික කරන්න එපා.
බල තණ්හාවේ ඉවරයක් නැහැ
දැන් විපක්ෂ නායකකම බාර ගන්නවා. අගමැතිවෙලා ඉන්නකොට විශ්වාසබංගයෙන් පැරදුනාම කිව්වෙ අපි කතානායකගෙ තීරණ පිලිගන්නෙ නෑ කියල. දැන් කියනවා කතානායකතුමා දෙන තීරනයලු අන්තිම තීරනය.
ජනාධිපතිගෙන් අහන්න බයද?