(නිමල කොඩිතුවක්කු)
හැත්තෑ පස්වන ජාතික නිදහස් උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවන බව විපක්ෂනායක කාර්යාලය සඳහන් කරයි.
රට මේ මොහොතේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් විපක්ෂ නායකවරයා මෙම පියවර ගත් බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
නිකරුණේ මුදල් නාස්ති කිරීම මේ මොහොතේ සිදු නොකළ යුත්තක් බවත් එම මුදල් මගින් ජනතාවට සහන සැලසීමට ආණ්ඩුවට හැකියාව තිබූ බව විපක්ෂ නායකවරයාගේ ස්ථාවරය බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ප්‍රේමදාස මහතා නිදහස් දිනය වර්ජනය කරන්නේ පටු දේශපාලන වාසිය සඳහා බව පැහැදිලිවම පේනවා. සජිත් රටක නායකත්වයක් ගත හැකි මිනිසෙක් නොවන බව මෙයින් පෙන්නුම් කරනවා.
මිහින්‍තලා විහාරස්ථාන භූමියට ආරක්ෂාව ඉවත් කිරීම බුදු සසුන් විරෝධී පරගැති චින්තනයට වහල් වූ ක්‍රියාවක් බව කිව යුතු ය. දැනටම මෙසේ නම් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර උතුර පළාත් සභාව, ඉඩම් බලතල සහ පොලිස් බලතල ලබාදීමෙන් වන්නේ බලවත් ලෙස සම්බුදු සසුනට හිමි භූමි බරපතල විනාශයකට පත්වීමකට මඟ සැලසීමකි. මිහින්තලා පුද බිම නොසලකා හැරීම බුදුසසුනත්, සමස්ථ මෙරට බෞද්ධ ජනතාවත් අමතක කිරීමකි. බෞද්ධයින්ට කරන ලද බලවත් නොසලකා හැරීමකි. මෙය මෙරට බෞදධ උරුමයට කළ බලවත් නිගාවක් බව අවධාරණය කරමු.!
මෙච්චර කල් සලසපු සහන නිසා තමයි අද අපිට මෙහෙම වුනේ . වාසි තකා ඩීල් දාල., රට බංකොලොත් වෙනකල් දන්නේ නැහැ . ඉස්සර වෙලා කෑ ගහන්න තිබ්බ දුෂණ වංචා වලට . ඇමතිලා වෙලා ඉද්දි මේ රට ලෝකෙම්ම පොහොසත් රට කරලා ගන්න තිබ්බනේ . දැන් චන්ද ඉල්ලනවා . අපිට චන්ද පොළවල් වලට යන්න බැහැ හාමතේ වෙව්ලනවා . එත් මේ රටේ දේශපාලුවෝ බලයට තමයි දගලන්න්නේ ඉතුරු ටිකත් හොරා කන්න .
දන්නා එකම දෙය ඔච්චරයිනේ. එම නිසා අපි එතුමා ගැන අනුකම්පා කරමු.
ආර්ථික අර්බුද හමුවේ හැත්තෑ පස්වන ජාතික නිදහස් උත්සවයට නිකරුණේ මුදල් නාස්ති කිරීම මේ මොහොතේ සිදු නොකළ යුත්තක් බවත් සහ ප්‍රදේශය මැතිවරණයක් නොපවත්වා එම මුදල් මගින් ජනතාවට සහන සැලසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එකගද ?
දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රුපියල් ලක්‍ෂ 82.8 ක්ද ලෙස අයවැය මගින් ඇස්තමේන්තු කර ඇත.හේමා ප්‍රේමදාස මහත්මියගේ විශ්‍රාම දීමනාව රුපියල් හත්ලක්‍ෂ අසූ දහසකි. (රු.780,000) 2023 වසර සඳහා වෙනත් දීමනා රුපියල් ලක්‍ෂ 15 කි. 2022 වසරේ වෙන්කර තිබුණේ රුපියල් ලක්‍ෂ 13 කි. වාහන සඳහා 2023 වසරට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 50 කි. 2022 වසරේ ඒ සඳහා වැයකර තිබුණේ රුපියල් ලක්‍ෂ 08 කි. නාස්තිය කොහේද තියෙන්නේ.
හරියට හරි, හුගක් චන්ද ලැබෙයි .
ජනතාවගේ පැත්තේ ඉන්න ඔපතුමා අගය කරමු.
මෙතුමා වගේ ද ගරු මැතිණිය ගිය වර නිදහස් දින එතුමිය සමිප්‍රාප්ත වී සිටියේ ඉතාමත් අභිමානවත් විලාශයකින් මතුනොව හදපිරි උතුර උතුරා වාන් දමන සතුටකින් බව විශේෂයෙන් කාන්තා ප්‍රේක්ෂක සිත්සතන් තුළ තවමත් මොනවට සටහන් වී ඇති ඇතුවාට සැක නැත. කාන්තාවගේ අද වැනි දිනෙක ඒ උතුමි නිදහස කෝ?
කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් නිතරම පටු අරමුණු මත යැපෙමින් පුළුල් දැක්මක් සහිතව වැඩ නොකරන කෙනෙක් කියන දේ ගැන වැඩිය හිතන්න අමාරුයි. ජනාධිපති ඡන්දය කාලේ කිව්වේ පිටරටින් ආධාර අරන් සමුර්ධිය දෙනවා කියලා. දුප්පත්කම නැතිකරණව මිසක් පවත්වාගෙන යන සිරිතක් නැති බව දන්නේ නෑ. ජනාධිපති ඡන්දය පැරදුනාම කිව්වා දේශපාලනයෙන් අයින්වෙලා දිවියන් බලාගෙන ඉන්නවා කියලා. ඔන්න ඔය වගේ දේවල් නිසා සජිත් කියන කරන දේවල වගකීමක් නෑ.
රටට විරුද්ධවද? ආණ්ඩුවට විරුද්ධවද? වියදම් ගැන කතාකරන්නේ ගම්මුදා හදනකොට ප්‍රචාරක වියදම් කොච්චරද? අම්මා නඩත්තු කරන්නට ජනතාවගේ බදු මුදල් කොච්චරද?
සත්‍යයක් අසරණ සරණ සියලු ජන කොටස්වල දියසෙන් නම් නුබයි මැතිදුනී අවසානයට කුහක මිනිසුන්ට තවත් කාලයක් යාවි ඒ දෙ තෙරුම් යන්න හැමවතාවෙම වගෙ කථිකයන්ට කටින් මිස වැඩනැති මිනිස්සුන්ට රට බාර දෙන්න ට සැරසෙයි හොද කෙනාට තැනක් ගන්න අමාරුයි අනගාරික ධර්මපාල තුමා සිංහලයන් ගැන කි සියලූම දෙ සත්‍යයක්.නිහඩව ස්භාදහම ඔබතුමාව රජකරවන දවස තෙක් ජිවත් වන්නට හැකි උනොත් අපි බලා සිටිමු -සදුන් කුමරප්පෙරුම
ඔලමොට්ටල තීරණයක‍්. අපි දුප‍්පත් වුණත‍් ජාතියක‍් වශයෙන‍් එකට සිටින බව පිටස‍්තර ලෝකය දැනුවත‍් කළයුතුයි. අපිව පිටස‍්තර ලෝකය පිළිගන‍්නේ එවිටයි...
රටට විසාල පාඩුවක් නේද අනේ? නො දකින්