(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පක්ෂ නායකයන් කිව්වොත් ජනපති ඉවත්වීමට සූදානම් යැයි තමා කීවෙි නැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
තමා එවැනි කතාවක් කීවේ යැයි සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් මාධ්‍යයේ යන බව කී කතානායක වරයා එය අසත්‍යක් බව ද සඳහන් කළේය.
"113ක් ආවොත් ආණ්ඩුව දෙන්න සූදානම් බවයි ජනාධිපතිතුමා පැවසුවේ.ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න කියන්න පාර්ලිමේන්තුවේ 225ටම බලයක් නැති බව ඔබතුමා තේරුම් ගන්න"
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-
මා ඉදිරිපිට දිනේෂ් ගුණවර්ධන මහතා හිටියා. ඔබතුමා එවැනි කතාවක් කිව්වා.ඔබතුමා වැරදි විග්‍රහයක් කරනවා.මෙතන පැමිණ මා පැවසූයේ ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ඔබතුමා කියූ දෙයයි. ඒ වගේ කතා දැන් කියන්නෙපා.ඔබ තුමා කතානායක නොවෙයි. පචයෙක්.
කතානායක:-
ටොන් පච කියන්නේ ඔබයි.
සජිත් ප්‍රේමදාස මහතා:-
මට කිසිම උවමනාවක් නැහැ බොරු කියන්න.ඔබතුමා ඒ ප්‍රකාශය කළ විට මා වෙලාවක් අරන් දෙන්න කිව්වා.ඔබ තුමා කියූ දේ විකෘති කර කතා කරන්න තරම් මා මෝඩයෙක්ද?
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
ජනාධිපතිතුමාට තිබෙන ප්‍රශ්නය වන්නේ එතුමා ගියොත් ඉදිරියට වන්නේ කුමක්ද යන්න බවත් පක්ෂ නායකයන් කියනවා නම් අස්වෙන්න සූදානම් බවත් ඔබතුමා පක්ෂ නායක රැස්වීමේදී පැවසුවා.
කතානායක:-
ජනාධිපති තුමා කිව්වේ සිය 113 පෙන්නුවොත් ආණ්ඩුව දෙන්නම් කියලා.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
අපිට එතුමා ආණ්ඩුව දෙන්න ඕන නෑ. ගන්න පුළුවන්. අපට 113 තියෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාටත් ඕන බලයට එන්න මිසක් රටට යහපතක් කරන්න නොවෙයි.
ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ මුල ඉඳන්ම බලය සොයන කට්ටියක්..., ඒ මොකද දන්නවද? කෝටිපතියන් වෙන්න... මහජනයාගේ ලේ බොන්න. අවුරුදු ගණනාවක් වුනේ ඒකයි... දැන් වෙන බොන්න ලේ ඉතුරුවෙලා නැහැ. ඒනිසා හැමෝම ගෙදර යන්න. පුතාණෝත් අරගෙනම යන්න...
ඔව් ඉතින් විපක්ෂ නායකතුමා අවුරුද්දකටත් ඉස්සෙල්ලා ඉඳන් කිව්වා IMFයන්න... ගත්තු ණය ප්‍රති ව්‍යුහගත කරන්න කියලා, රසායනික පොහොර ගොවියන්ට දීලා කාබනික පොහොර දිගු කාලයක් අරගෙන රටට හඳුන්වන්න කියලා... මේවා ඉතින් ටොම් පචනේ. දැන් තේරෙනවා නේද ඒවා ඒ වෙලාවේ කළානම් අද වෙනකොට රට මේ අගාධයෙන් බේරගන්න තිබුණා කියලා. දැන්වත් විපක්ෂ නායකතුමාට රට බාරදීලා මේ ආණ්ඩුවේ පිස්සු නඩේ හැඳිගෑවිලා ගියානම් තමයි රටට සෙතක් වෙන්නේ.
ඔය කොයි කාටත් අකුලගෙන යන්න තමයි කියන්නේ.
රටේ මිනිස්සු කන්න, බොන්න, බෙහෙත් නැතිව පාරට බැහැලා ඉන්නවා.