
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කුඩා කොටස් බවට පත් කරනු ලැබ ලැබු වත් කිසිදු ආගන්තුක දෙයක් සොයා ගැනීමට නොහැකි විිය.
පස්වරු එකයි පහළොවට කැබලි ගොඩ ගෙන අවසන් වීමෙන් පසු කැණීම් කළ ස්ථානය පරිලෝකන පරීක්ෂාවකට ලක් කළ අතර එම ස්ථානයෙන් කිසිදු දෙයක් සම්බන්ධයෙන් එම යන්ත්‍රය මගින් පෙන්වා දෙනු ලැබුවේ නැත .
ගොඩ ගෙන තිබූ දෑවෑන්ත කළුගල් කුට්ටි පැය තුනක පමණ කාලයක් තිස්සේ කුඩා කැබලි බවට කඩා පරීක්ෂාවට ලක් කරනු ලැබූ අතර එහිදීද කිසිවක් අනාවරණය වූයේ නැත.
විවිධ පිරිස් විවිධ අවස්ථාවන්හිදී මෙම ස්ථානයේ නිදන් හැරීම හේතු කොට ගෙන ඉදි කෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට සිදුවන හානි වළක්වා ගැනීම අරමුණු කර ගනිමින් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත වේයන්ගොඩ පොලීසියේ මෙහෙයවීමෙන් මෙම කටයුතු සිදු කෙරිණි .
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ,භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය, රජයේ රස පරීක්ෂක කාර්යාලය ,මාර්ග සංවර්ධන අධිකාරිය ,පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම කැණීම් හා ගල් කඩා පරීක්ෂා කිරීම සිදු විය .
අදාළ ආයතනයන්හි නිලධාරීන්ගෙන් ලබා ගන්නා අවසන් වාර්තාවන් ලබන අඟහරුවාදා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව මෙහිදී කරුණු දැක් වූ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය .
මෙම කටයුතු දැක බලා ගැනීම සඳහා විශාල ජනතාවක් එක් රැස්ව සිටි අතර අධිකරණ නියෝගයේ සඳහන් වූයේද ජනතාවට පෙනෙන ආකාරයෙන් මෙම කටයුතු සිදු කරන ලෙසය.
ගම්පහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නාලක සේනානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් මීරිගම ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිපි ඉන්දික ප්‍රසාද් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැන් මුට්ටි.. ධම්මික පැණි කේස් එකේ දෙක... මෙච්චරම අන්ධද පාලකයෝ...? වෙන ආණ්‌ඩුවක් කාලෙක නං බලන්න තිබ්බා රටේ..
මහන්සි වෙලා වැඩ කරලා දියුණු වෙනවා වෙනුවට පිනට යමක් බලාපොරොත්තු වෙන ෆේල් වෙච්චි ජාතියක්. අපරාදේ ඕකට ගිය වියදම
ලංකාව තරම් ගොබ්බ රටක් මේ ලෝකෙ කොහේවත් නැතුව ඇති. කොච්චර රටේ මුදල් මේ වගේ ගොං වැඩ වලට නාස්ති කරනවාද?
මිථ්‍යා විශ්වාස මත නිධන් හොයන මෝඩ ජනයා මෙයින්වත් පාඩමක් ඉගෙන ගත්තොත් හොඳයි. ලංකාවේ රජවරුන්ට හංගන්න වස්තු තිබුණේ නැහැ.
මාලිමා වඳුරන් වඳුරව කෙලිය තවත් වඳුරු කෙප්පයක්...!
නිධානයක් කියන්නේ යම්කිසි ක්‍රමවේදයන් භාවිතා කරමින් තැන්පත් කරපු දේවල්. එම නිසා ඒවා ලබා ගැනීම සඳහා විධිමත් ක්‍රම වේදයක් අනුගමනය කළයුතු වෙනවා එම නිධානය නිධන් කරපු වෙලාවේ සඳහන් කරපු විදියටම. නැත්නම් එම නිධානය අතුරුදහන් වෙනවා. මේවා විද්‍යාත්මකව තහවුරු කළහැකි දේවල් නොවේ. ඒක නිසා තමයි මේ හැමෝම මේක සාත්තරයක් විදියට අද්භූත ක්‍රම භාවිතා කරන්නේ. මේක මහජනතාවට භාවිතා කළහැකි එකක් නම් මේක හමුවෙන්න තිබුණා. නමුත් මේ කරපු දේ හරි. මොකද දැන් මෙතැන නිධානයක් නැහැ. තව දුරටත් පාර හානි නොකර, පාර හැදුවා නම් හරි.
නිධන් පහළවෙන තෙක් බලාසිටින ජනතාවක් සිටින ලෝකයේ අරුම පුදුම රටක්, කම්මැලි ජනතාවක්, වංචනිකයින් වැඩිම වස්තු භංගත්වයේ පළමුතැන.
නිධානයක් තිබෙනවාද නැතිද යන වග කෙසේ වෙතත් මෙය ජනතාව ඉදරියේ සිදුකළ යුතුයි කියාදෙනු ලැබූ තීන්දුව වටිනවා. රජයක් හැටියට තමන් සිදුකරන යම් යම් කටයුතු පිළිබඳව මහජනතාව දැනුවත් වීම ඇත්තටම රටේ ජනතාව ලැබූ ජයග්‍රහණයක්...!
රටක් ඇයි මේ දේවල්වලට රැවටෙන්නේ...?
රට බංකොලොත් වෙලා තියන අවස්ථාවක මෙවැනි නිෂ්ඵල දේවල් වලට කාලය, ධනය වියදම් කිරීම?
අපි තවමත් ප්‍රාථමික ජාතියක් බව මේ ක්‍රියාවෙන් ඔප්පු වෙනවා...
ගමේ ගෑනු අය කියනවා. නිධානය තියෙනවලු. ගලේ සළකුණු තියෙනවලු. පන්සලේ හාමුදුරුවොත් කියනවා මෙතැන ඇත්තටම නිධානයක් නෑ කියලා. බැලින්නං ගමේ උපාසිකාවන්ට තමයි තන්හාව වැඩියෙන් තියෙන්නේ...
පූර්ව ස්කෑන් කිරීමේදී වගකිවයුතු නිලධාරීන්ගේ අධීක්ෂණය, නිරීක්ෂණය සහ උපදෙස් අනුව ආරම්භ කළේ... නමුත් පසුව මෙසේවීම පිළිබඳව තේරුම් ගතයුත්තක් ඇත. මෙවන්වූ වස්තූන් ලබාගැනීමට පූර්වේ කරන ලද විශාල පුණ්‍ය ශක්තියක් තිබෙන්න ඕනෑ. ලැබීම තියෙන්න ඕනෑ. බෞද්ධ වූ අපට අවශ්‍ය තරම් නිදසුන් තිබෙනවා. එක්තරා සිටුවරයෙකුගේ සුවිසල් මැණික් මාළිගය අත්පත් කරගැනීමට රජු සේනාව පිරිවරාගෙන යනවා... නමුත් අත්භූත සේනාවකින් භීතියට පත්ව රජුට සහ සේනාවට හිස් අතින් හැරී එන්න සිදුවෙනවා. සිටුවරයා මගේ මතකයේ හැටියට ධර්මශ්‍රවණය කරන අතරතුරයි රජු සහ පිරිස පිටත්ව ගොස් තිබුණේ... අනතුරුව ඒ විශ්මය පිළිබඳව සිටුවරයාගෙන් අසනවා. එවිට සිටුවරයා මැණික් සහිත පැළඳ සිටි මුදුව රජු දෙසට යොමුකර හැකි නම් ගලවා ගන්නැයි කීය. රජු පූර්ණ ශක්තිය යොදා දහඩිය වගුරුවා උත්සාහ කළත් අසාර්ථක විය. එවිට සිටුවරයා රජුට කියනවා මා සතුදේ වෙන කෙනෙකු ලබාගත යුත්තේ මාගේ අනුමැතියෙන් පමණක් බව. මේවා කර්මානුකූලව හෙවත් හේතුඵල අනුව සිදුවන දේවල්. එම න්‍යායයන් පිළිගන්න සිදුවෙනවා. ඒ තමා බුදු දහමේ සත්‍යතාවය. තෙරුවන් සරණයි..!!
මේකට ගියපු වියදම, පාර හාරලා කරපු අලාභය කවුද පියවන්නේ?
මේ විසිඑක්වන සියවස... තාම අපි නිධන් මිත්‍යාව පසුපස යන මෝඩ ජාතියක්ද? ලජ්ජාවට කරුණක් නොවේද?
අවුලක් නෑ. කළු ගල් ටිකක් හරි ලැබුණනේ. අපි ඔය ටිකත් දාලා ඉක්මණට පාර හදලා ඉවර කරමු. මාර්ගය ඉතා ඉක්මණින් සාදා නිමා කරන්න කියලා තීන්දුව දුන්නා නම් වඩාත් අගෙයි කියලයි හැඟෙන්නේ...
ලංකාව පුරාම ඔය වගේ ගල් අස්සේ, බෙණ අස්සේ අර නිධාන, මේ නිධාන තියෙනවා කිය කියා ඒ වටා තව කතන්දරත් ගොතමින් පච බේගල් ඇදබාන ඒවා විශ්වාස කරන අයට මේක ඉතා හොඳ ආදර්ශයක්....!
බහිරව පූජාව දීලා නැතුව ඇති.
මේකට හේතුව සහ නියෝගය මෙම පුවත තුළ පැහැදිලිවම තිබෙන නිසා රජයට දොස් තබා මෙහි සටහන් තැබීම අවශ්‍ය නැත.
කලුගල් පෝට් සිටි ගොඩ කරන්න ගන්න එවා වෙන්නැති...
මුලින් ස්කෑන් කරනකොට ඒවාට අහු වුණු දේවල් පසුව නොපෙන්වන්නේ විද්‍යාත්මකව පැහැදිලි කළ නොහැකි දෙයක් ඇති බව නොවේද? 21 වැනි සියවස කියලා කීවාට විද්‍යාව තවම ඒ තරම් මට්ටමකට ඇවිත් නැති බව නම් කිව යුතුයි.
උගන්ඩාවේ ඩොලර් වෙනුවට වේයන්ගොඩ නිධන්. අනේ මෙහෙමත් ජෙබයියෝ...