IMG-LOGO

විනිසුරුවරයාගේ කාර් එක ඉස්සූ සැකකරු ගේම් රැසක් දීලා

(ඉන්දිකා රාමනායක, ශ්‍රිනාත්  ප්‍රසන්න ජයසුරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කුලියාපිටිය අතිරේක දිසා විනිසුරු සම්පත් ආරියසේන මහතාගේ  නිළ  මෝටර් රථය පැහැරගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ රැසක්  සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය  පුද්ගලයකු බවත්, ඔහු බාරයේ තිබී  වායු පිස්තෝල  දෙකක් ,රම්බෝ වර්ගයේ  පිහියක්, මන්නා පිහියක් සහ පුද්ගලයන් සිහිනැති කිරීමේ  දියර  ඇතුලු  භාණ්ඩ රැසක් සොයාගත් බවද   පොලිසිය කියයි.

සැකකරු  නැවතී සිටි හෝමාගම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ නිවසේ තිබී  ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන  ඒකකය විසින්  අද  (14) මෙම භාණ්ඩ සොයාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම නිවසේ තිබී සොයගත් සෙසු භාණ්ඩ අතර  අපරාධ සදහා රැගෙන යන පාසල් බෑගයක්, ඒ තුළ  මහේස්ත්‍රාත්වරයාගේ නිවසේ  අපරාධ සිදුවන අවස්ථාවේ ඇද සිටි  ඇදුම්,,පුද්ගලයන් කිහිසුන් කරන  දියර සහිත ස්ප්‍රේ එකක්, මහේස්ත්‍රාත්වරයාගේ නිවස යතුරු කැබැල්ල, විදුලියෙන් ක්‍රියා කරන් දුරස්ථපාලන ගේට්ටුවේ  යතුර,ජංගම දුරකතන දෙකක්, සිමපත් කිහිපයක්, වායු පිස්තෝල සදහා භාවිතා කරන  ඊයම් කැබලි, මිරිස්කුඩු අඩංගු බෑගයක්   ඇතු`ථ  භාණ්ඩ  රැසක් සොයා ගත් බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

පිළියන්දල මඩපාත නිවසක් විකිණීමට   ඇති බවට දමා දැන්වීමකට අනුව මෙම සැකකරු  නිවස පරීක්ෂා කිරීම  සදහා යැයි පවසමින් ඉකුත් (11) වැනි දින මහේස්ත්‍රාත්වරයාගේ නිවසට ගොස්  එහිදී මහේසත්‍රාත්වරය  නිවසේ සිරකර  නිළ රථය  පැහැරගෙන පලාගොස් තිබුණ’.

මෙම සිද්ධිය සම්බන්ධායන්  පොලිසිය විමර්ශන සිදුකර   පෙරේදා (13)  සවස  පොලිසිය  වත්තල හුණුපිටිය ප්‍රදේශයේ දී මෝටර් රථය ද සමග අත්අඩංගුවට ගෙන තිබුණ’..

සැකකරු වත්තල  ඔලියමුල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක් බවත්, 2022 වසරේ ජුලි මස  දෙමාපියන් සමග  අමනාප වී වත්තල ක`ථබෝවිල ප්‍රදේශයේ කුළි නිවසක  පදිංචිව සිට දැන මාස 03 පමණ පෙර මසකට රුපියල් 60.000 ක මුදලකට ඉහත හෝමාගම නිවාසසංකීර්ණයෙන් නිවසක ගෙන පදිංචිව සිට ඇති බවද පොලිසිය කියයි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු   පෑලියගොඩ,, බම්බලපිටිය  යන ප්‍රදේශ වල සිදු වු අපරාධ කිහිපයක සම්බන්ධයෙන් තොරතුරු හෙළි ව ඇති අතර එම අපරාධ තුනෙන් ඔහු රුපියල් ලක්ෂ 67 ක මුදලක් වංචා කර ඇති බවද පොලිසිය පවසයි.’

පෑලියගොඩ   ප්‍රදේශයේ පුද්ගලයකුට ලංකා මුදල් වෙනුවට ඩොලර් ලබා දෙන බවට පවසා  රුපියල් ලක්ෂ 27 ක් වංචා කිරීම, පෑලියගොඩ   ප්‍රදේශයේ පුද්ගලයකුගේ රුපියල ලක්ෂ 40 ක් ලබාගෙන සාපරාධි විශ්වාසට කඩකිරීම, බම්බලපිටිය ප්‍රදේශයේ දී  වෙළද සැලක සේවයකුට පිහියෙන් ඇන රුපියල් 1,50,000 ක් කොල්ලකෑම     එම අපරාධ අතර වන බවද පොලිසිය පවසයි.

මොහු තවත් අපරාධ  රැසක්ට  සම්බන්ධවී ඇති බවට පොලිසිය සැකකරන අතර එම තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය  විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරු  තදින්ම අයිස් මත්ද්‍රව්‍ය පානය ඇබ්බැහිව සිටින්නෙකු බවත්,   ඔහු  දිනකට රුපියල් ලක්ෂ 1 1/2 පමණ මුදලක් වියදම කර ඇති බවයි. 



අදහස් (1)

විනිසුරුවරයාගේ කාර් එක ඉස්සූ සැකකරු ගේම් රැසක් දීලා

sharm warn Wednesday, 15 February 2023 09:09 AM

හ්හ්ම්ම්. . මෙච්චර අපරාධ කරලා අන්තිමෙ මහෙස්ත්‍රාත් ගෙ කාර් එක උස්සනකල් පොලිසියට බැරි වුනා මෙ මනුස්සයව අල්ලගන්න.. දැන් පොර ටොක් දෙනව.. ඔය කාර් එක අපි වගෙ සාමාන්‍යය කෙනෙකුගෙ එකක් වුනා නම් මස් කරල ඉවර කරනකල් හොරා අහු වෙන්නෙත් නෑ.. හැබයි කොල්ලො කෙල්ලො ටිකක් පොස්ටර් අරන් පාරට එනව කිව්වොත් රෙද්ද උස්සගෙන රන්චු පිටින් ඇවිල්ල කදුලු ගෑස් ගහන්න බුද්ධියට වැඩ. . මෙ රටෙ අපරාධ වැඩි වෙන්න එක හෙතුවක් මෙ පාදඩ කාකියො. .

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site