(විමුක්ති එස් රුද්‍රිගු)

වෙනිසියුලාවේ භූමි කම්පාවෙන් දින 29 කට පසුවූ සුන්බුන් අතර සිරවී සිටි සුනඛයෙකු බේරා ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වී ඇත.

බේලි නැමැති මෙම සුනඛයා යහපත් ශරීර සෞඛ්‍යයකින් සිටින බවත් සැබැවින්ම එය ප්‍රාතිහාර්යයක් බවත් මුදා ගැනීමේ භටයින් ප්‍රකාශ කර තිබේ.

මුදා ගැනීමේ කණ්ඩායම් ජීවිත බේරා ගැනීම අත්හැර සුන්බුන් ඉවත් කිරීම පිළිබඳව අවධානය යොමුකර තිබෙන මොහොතක බේලිගේ ජීවිතය බේරා ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම්වලට හැකියාව ලැබී ඇත. සුන්බුන් තුළ සිය ස්වාමියාගේ මවගේ මළ සිරුර අසළ වැතිර සිටියදී පසුගියදා මුදා ගැනීමේ කණ්ඩායම් බෙලි සොයාගෙන ඇති අතර ඒ අවස්ථාවේදී බේලි දූවිල්ලෙන් වැසී, විජලනයට පත්ව සිට තිබේ.