
(අංජුල මහික වීරරත්න)
ශ්‍රේෂ්ඨ කලාවකට ජාතියක් ආගමක් හෝ භාෂාවක් නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කලාවේ සැබෑ භාෂාව මනුෂ්‍යත්වය සහ එකමුතුකම බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේ ප්‍රවීණ ගායනවේදනී ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය වෙනුවෙන් ගුවන් විදුලි සංස්ථාවේ පැවැති උපහාර ප්‍රණාම උළෙල අමතමිනි.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් සංවිධානය කරන ලද "ආචාර්ය සුජාතා අත්තනායක ප්‍රණාම" විශේෂ උපහාර වැඩසටහන කුමාරතුංග මුනිදාස මැදිරියේ දී පැවැත්විණි.
දශක හතකට වැඩි කාලයක් පුරාව මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් මෙන්ම ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් ආචාර්ය සුජාතා අත්තනායක ගායනවේදිනිය විසින් ඉටුකළ මෙහෙවරට උත්තමාචාර පුද කිරීම මෙම වැඩසටහනේ අරමුණ වූ අතර, එතුමියට උපහාර ලෙස ගුවන්විදුලි සංස්ථාවේ දී එතුමියගේ ඡායාරූපයක් විවෘත කිරීම ද මෙහිදී සිදු විය.
මෙහි දී උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ වයස අවුරුදු අටක දැරියකව සිටියදී ඇරඹුණු ආචාර්ය සුජාතා අත්තනායකගේ සංගීත චාරිකාව පරම්පරා ගණනාවක ආදරය දිනාගත් අද්විතීය කලා ගමනක් වූ බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd