
(සුජිත් හේවාජුලිගේ)
එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ වුවද රටේ කිසිදු ප්රදේශයකට ජල සැපයුම සීමා කිරීමට මෙතෙක් කිසිදු සූදානමක් නොමැති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
පානීය ජලය ලබා ගන්නා ප්රධාන ජලාශ භාර වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ මහවැලි සංවර්ධන අධිකාරිය විසින් මේ දක්වා ජලය ලබා ගැනීම සඳහා කිසිදු සීමාවක් පනවා නොමැති බැවින් මණ්ඩලය සිය උපරිම ජල නිෂ්පාදන ධාරිතාව එලෙසම පවත්වාගෙන යන බව එහි සභාපති චන්දන බණ්ඩාර මහතා පැවැසීය
කෙසේ වුවද, ඉදිරියේදී ජල මට්ටම ඉතා පහළ මට්ටමකට ඇද වැටී වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ මහවැලි සංවර්ධන අධිකාරියට සීමාවන් පැනවීමට සිදු වුවහොත් පමණක්, එම මොහොතේ උදාවන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජල සැපයුම සීමා කිරීම වැනි ඉදිරි ක්රියාමාර්ග ගැනීමට සිදු වනු ඇති බව ඔහු පැවසීය.
මෙම දේශගුණික තත්ත්වයට මුහුණ දීම සඳහා ජල සම්පාදන මණ්ඩලය මේ වන විටත් විශේෂ පූර්ව සූදානමක නිරත වන බවත් , භූගත ජලය වැඩිපුර ලබා ගැනීම සඳහා පවතින නල ළිං පද්ධති වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd